සුද්දන් ගෙනා ඔරලෝසුවේ නවයේ කණිසමට තවත් ඇත්තේ මිනිත්තු පහළොවක් පමණක් බව පලපුරුද්දෙන් රසුද් දනියි.
"බිසෝවුන්නාන්ස නවයේ කණිසමට අපි එහෙ යන්ටෝන... ඔබවාන්සේ මේ මිරිවැඩි පළඳගත්තනං!" නදී රසුද්ට නව මිරිවැඩි යුගලක් දක්වමින් පවසද්දී ගඟුලි පසෙකට වී පහන් කූඩුව අවුලවන්නට පටන් ගෙන තිබිණි...
ඔහුට අලුත් මිරිවැඩි ම පමණක් නොවේ... වලව්වේ හැඳි සලුවලටත් වඩා මේ සේද සළු මටසිලුටුය... සමනල පියාපත් මෙන් සිනිදුය.... පුදුමයට මෙන් මංගල රාත්‍රියක් සමරන මනමාලියකට සේ ඔහුටත් රක්ත වර්ණයෙන් හැඩ වෙන්නට සිදුවී තිබිණි... එය වහා රාජකීය සන්නාලියන් ලවා රජුන්ගේ අණ පරිදි මැස්වූ කට්ටලයක් බව ඇසූ විට රසුද් පුදුමයට පත් විය... රක්ත වර්ණ දෝතියෙහි පසෙක රාජකීයත්වය පෙන්වන ඉර හඳ තාරකා රන් නූලෙන් වැඩ දමා තිබිණි... උර බන්ධිය රන් පැහැ සේදයෙන් මසා රතු පැහැ ලියවැලක් ගෙත්තම් කොට තිබිණි.... එහි අනගි බව අගය කිරීමට රසුද් මඳක්වත් නොපැකිලෙන තරමට එම නිමැවුම අපූර්ව බව ඔහු අවිවාදයෙන්ම පිළිගත්තේය.
ඔහු පෙර උත්සව අවස්ථාවලදී හැඳ තිබෙන නිලමේ කට්ටලයට මෙය පටහැනි වුවත් ඉතා අනගි විය...
නදී ඔහුගේ අදහස්වත් නොවිමසාම ඇස්වට අඳුන් ආලේප කර තිබුණි... කළු පැහැ දිගැති කෙස් වැටිය රසුද් ඔහේ කඩාවැටෙන්නට නොදී බැඳ තබාගන්නට උත්සාහ කළත් ගඟුලි පැවසූයේම කෙස් වැටිය ලිහිල් කොට කුඩා කොටසක් පමණක් මුදුනට ගැට ගැසුවානම් අගනාම බවයි... ඉන් පසු හංස පූට්ටුව සහිත රත්රන් කොණ්ඩාකටුවක් ඔහුගේ හිස් මුදුනත රැඳිනි....
ඉණ වටට එල්වුණු රන් හවඩියත්, ගෙල වට පැළඳි හංස පූට්ටුව සහිත තැල්ලත්, පයට පළඳින්නට වූ රිදී සලඹත්, අතෙහි පළඳින්නට වූ පස් මුදු වළල්ලත් ඔහුට ගෙන ආයේ වෙනස්ම හැඟීමකි...
පිරිමියෙකුට කිසිසේත් නොගැලපෙන සෙයක් පෙනෙන මෝස්තරය තනිකරම මහරජ්ජුරුවන්ගේ තේරීමක් විය... මීට පෙර කිසිදා මෙවන් අත්දැකීමක් නොලැබූ රසුද්ට ද චකිතයක් දැනෙන්නට විණි...
"අපේ බිසෝන්නාන්සෙට කිසි ඇත්තෙක්ගෙ ඇස්වහක් කටවහක් හෝවහක් වෙන්ට එපා ඕං!" නදී ඇස්වහ මකන්නට ඔහුගේ ගෙල පිටුපස අඳුන් තිලකයක් තැබුවාය...
أنت تقرأ
අභිලාශ | Historical BL Short Story (Ongoing)
القصة القصيرة"උබ පිරිමියෙක් කියලා හිතන්ටත් අමාරු නෙ බොල! තව්තිසාවෙන් බැහැපු දෙවඟනක් වගේ!" "මෙහෙ වරෙල්ලා! මේකාව පල්ලේ වාහලට එක්කගෙන පලයල්ලා..." මෙහි හොඳක් දැනෙන්නේ නැත... පල්ලේ වාහල, ඔහුට සුදුසු තැනක් ලෙස රසුද් නොදැක්කේය... ඇරඹුම: 2024.05.06