1999.12.04
ඔයා අලුතින් ආවත් හරි ටර්ම් ටෙස්ට්......ඉතින් අපිට කාලයක් එක ළඟ වාඩි වෙලා ඉන්න උනේ නෑ මතකද?
ඔයාට නම් ගානක් නැතුව ඇති ඒක, ඒත් මටනම් ඒ දවස් වහකදුරු වගේ.
තමුසෙව නැතුව නෙවෙයි හැබැයි....
ඔයා ආපු මුල් දවස් දෙක ඇතුලෙදි මට තේරුණා තෝ හෙන බ්‍රයිටෙක් කියලා. ඔයා දෙන දෙන ගාන හදලා අන්තිම උත්තරේට ඉරි දෙකත් ගහලා පෑනත් පැත්තකින් තියද්දි මම සිය වෙනි පාරටත් ඒ ගානම කියව කියව ඔලුව කහනවා.
මේක හරියන්නෙ නෑ, මාත් හිතා ගත්තා තෝ වගේම ගනන් ඉක්මනටම හදලා අන්තිම උත්තරේට ඉරි දෙකත් ගහලා පෑන පැත්තකින් තියලා වැඩ්ඩා වගේ ඉන්න ඕන කියලා.
ඔය කිව්වට මටනම් ඒ ගණන් හදන්න බෑ.
මං අහන්නේ පෘථිවියේ ඉන්න අපිට මොකටද කියන්නකෝ හඳේ ගුරුත්වජ ත්වරණේ?
මං අහන්නෙ අපි හඳට යන්නද?
ඒ හින්දා වැඩකට නැති ගණන් වලට මම ඔලුව වෙහෙසවන්නෙ නැතුව ඉන්නවා කියල තීරණය කලා, අපරාදෙනෙ කොහෙවත් යන හඳක මගුලක් හදන්න ගිහින් මගේ ශක්තිය වැය කරවගන්නෙ.....
හැබැයි මම අන්තිම උත්තරේට අරගෙන ගැම්මට ඉරි දෙකත් ගැහුවා....මොකද මගේ උකුසු ඇස් වලට ඔයා ගාන හදන හැටි පේනවනේ......
YOU ARE READING
You & Me-Again (Upcoming)
Teen Fictionඑකී දිනයේ එක් කාල වර්ණ මොහොතකදී ඔබට මට අප සැමට ඒ අද්භූත චන්ද්‍රයාගේ සේයාවක් දෘශ්‍යමාන වීමට පටන් ගන්නේය. ශ්වේත වර්ණැති දිදුලන රේඛාවකින් කාල චන්ද්‍රයාගේ සීමා සලකුණු සටහන් වන්නට පටන් ගනියි. එය පෘථිවියේ එක් පරිපූර්ණ චන්ද්රග්රහණයකට සමාන වූවත් එලෙසට මෙක...