01

135 12 20
                                    

2000.03.12

ඒ මගේ 18 වෙනි උපන්දිනය යි. මීට පෙර උපන්දින ගණනාවක් සැමරුවත් මේ උපන්දිනය තරම් මතකයේ රැඳුනු හදවත පතුලේ තැන්පත් වුණු උපන්දිනයක් මා සමරා නැත.

'එයට හේතුව කුමක්ද?' මේ ඔබ තුල ඇතිවන ප්‍රශ්නයයි. මම එය දනිමි.

ඊට හේතුව කුමක්දැයි කිවහොත් ඒ මගේ ආදරවන්තයා එදින මා හට දුන් අරුම පුදුම ත්‍යාගයයි. එවන් තෑග්ගක් මං මගේ ජීවිත කාලයටම ලබා නැති තරමටම එයා මා හට වටියි. අදටත් මං පණ මෙන් රකින ඒම තෑග්ග කුඩා පොතකි.

'එක් පොතකට ඔබ මෙසේ ආදරය කරන්නේ මන්ද?'
බොහෝ දෙනෙක් මගෙන් ඇසූ ප්‍රශ්නය එයයි. ඔබත් එය මගෙන් අසනවා ඇති.

ඔවුන්ට එය හුදෙක් එක් පොතක් වුවද එය මට ජීවිතයයි. මගේ ආදරවන්තයා මට දුන්න ඒ පොත තුල එකින් එක පෙලගස්වා ඇත්තේ අපේ ආදරණීය මතකයන් වන බව මා ඔබට කීවොත්, ඔබට වැටහේවී ආදරවන්තයා අහිමි වූ මට ඒ පොත කොතෙකුත් වටින්නෙද යන්න.

අපි දෙදෙනා එක්ව ගත කල කාලයන් අතිශය මිහිරිය.

පාසලෙන් පසු නිවසට එන තෙක් අප කළ කී දේ, චිත්‍රපටි බලලා අපි සතුටු වූ හැටි, සිනාසුණ හැටි මේ හැමදෙයක්ම ඒ පොතේ පිටු අස්සෙ අකුරු වෙලා තියෙනවා කියලා කිව්වොත් ඒ පොතේ වටිනාකම ඔබට වැටහෙනවද?

ඒ පොත ආරම්භයේ ලියලා තිබුණු දේ මං පහලින් අමුණා තබනුයේ එහි වටිනාකම් නොව ඔහුගේ ආදරයෙහි තරම ඔබ සියලුම දෙනාහට අවබෝධ කරවීම උදෙසාමයි.

"දැන් ඔයාට, මාවවත් මං එක්ක හිටපු කාලෙවත් කවදාවත් අමතක වෙන්නෙත් නෑ....අමතක කරන්නත් බෑ...."

"මගේ තිශේක්‍යට
ඔයාගේ ක්‍රිශාල්ගෙන්"

ක්‍රිශාල් දිනුජය ද සිල්වා, ඒ තමයි මගේ මුලු ලෝකයම....මං ආදරය කරපු ඒ ලස්සන පිරිමි ලමයා...

එතකොට මම,
මම තමයි තිශේක්‍ය ආශිංසන පෙරේරා......
ඒ ක්‍රිශාල්ගේ තිශේක්‍ය......

ක්‍රිශාල්ගේ තාත්තා නගරයේ සුපිරි වෙළෙඳසැලක හිමිකරුවෙක්ව සිටියේය. ඒම වෙළඳසැල ඉතා දියුණු මට්ටමක පැවතුනත් ඒ ඔහුගේ පියා මෙලොව හැරයන දිනය වන තෙක් පමණි. කඩයට අවශ්‍ය භාණ්ඩ ගෙන ඒමට යන අතරමගදි සිදුවුණු රිය අනතුරකින් ඔහු මිය ගිය බව පසුව ආරංචි විය.

You & Me-Again (Upcoming)Where stories live. Discover now