1999.12.11
අපි ඉපදිච්ච වෙලේ ඉඳලා මේ ලෝකෙන් යනකන් සිද්ද වෙන දේවල් වලින් මම ආසම සැලසුම් කිරීමකින් තොරවම වෙන අහඹු දේවල් වලට.....
ඔයාට මාව මුණ ගැහීම
මට ඔයාව මුණ ගැසීම
මේ මම කැමතිම අහඹු දේවල්එදා යද්දි ඔයා කිව්ව දේ මතකද?
"අපේ වටේටම අපේ ශ්‍රව්‍ය පරාසයෙන් එහා සංඛ්‍යාත වල සද්ද ඕන තරම් තියෙනවා....සෑහෙන්න පුංචි සද්ද වල ඉඳන් සෑහෙන්න ලොකු සද්ද වෙනකන්.... අධෝ ධ්වනි අති ධ්වනි කියලා....ඒත් දන්නවද ඔය දෙකටම අයිති නැති තව අපිට ඇහෙන්නෙ නැති සද්ද වගයක් තියෙනව කියලා....ඒ මිනිස්සුන්ගේ හිත් ඇතුලෙන් ඇවිත් එයාලා ඇතුලෙම හිර වෙලා තියෙන හැඟීම්....ඒවා කවදාවත් කාටවත් ඇහෙන්නෙ නැහැ.....ඒ සද්ද එක එක විදිහයි....සමහර ඒවා හරි ලස්සනයි....සමහර ඒවා එහෙම නැහැ, විලාප.....කෙනෙක්ගේ හිතේ ඒ දෙකම ඇති කරවන්නෙ තව මනුස්සයෙක්....ඉතින් මම ආසම ඒ වගේ ලස්සන හැඟීම් ඇති කරවන කෙනෙක් වෙන්න තව ජීවිතේක....එහෙම සද්ද හිත ඇතුලේ පිරුණම දැනෙන ජීවත් වෙනවා කියන ෆීලින් එක මට දැනෙන විදිහටම ඒ කෙනාටත් දැනෙන්න දෙන්න මම ආසයි...."
YOU ARE READING
You & Me-Again (Upcoming)
Teen Fictionඑකී දිනයේ එක් කාල වර්ණ මොහොතකදී ඔබට මට අප සැමට ඒ අද්භූත චන්ද්‍රයාගේ සේයාවක් දෘශ්‍යමාන වීමට පටන් ගන්නේය. ශ්වේත වර්ණැති දිදුලන රේඛාවකින් කාල චන්ද්‍රයාගේ සීමා සලකුණු සටහන් වන්නට පටන් ගනියි. එය පෘථිවියේ එක් පරිපූර්ණ චන්ද්රග්රහණයකට සමාන වූවත් එලෙසට මෙක...