MEMORY BOOK

30 6 12
                                    

1999.12.10

අඟහරුවාදා ආවට පස්සෙ ඔයා ආයෙත් ආපු දවස.....සිකුරාදා.....

ඇත්ත ඔයා එදා කිව්වා ආයේ එන්නෙ දවස් දෙකකට පස්සෙ කියලා....

ඒත් ඉතින් මේ ළමයා හරි ගොන් විදිහට දවස් දෙකෙත් ඇස් ගෙවෙනකන් පඩිපෙලේ ඉඳගෙන බලන් හිටියා.....

නෑ නෑ තෝ එනකන් නෙවෙයි.....ඈත මුහුදේ නැවක යන වයසක පොශ් ආච්චි කෙනෙක් නැවෙන් ඕඩර් කරලා අර ගතපු කෝපි එක රහ නෑ කියලා මුහුදට දානකන් මම බලන් හිටියේ.....

තව දෙයක්....
මම දක්ෂ ශිෂ්‍යයෙක් නොවෙන්න ඇති ඒත් සුදු මහත්තයෝ ඔයා නම් දක්ෂම දක්ෂ ගුරෙක්...(දැන් හිත හැදෙන්නවත් බොරුවට හරි මම දක්ෂයි කියපිය....මේක නිකං කියව කියව යන්නෙ නැතුව)

ඔයා අර විද්‍යුත් චුම්භක වර්ණාවලිය මතක තියාගන්න කියපු සින්දුව.....පට්ට....
සමාවෙන්න ඕන එදා චලිත ප්‍රස්තාර අස්සෙ තරංග වගයක් ඇදලා ගත්තට (මොකද ඉතින් මේ යහපත් දරුවට එකම දෙයක සෑහෙන වෙලාවක් ඔලුව තියාගෙන ඉන්න අමාරුයිනේ....හැබැයි මේ ලෝකෙ එකම එක ඇස් දෙකක් තියෙනවා... ඇස් දෙක දිහා මැරෙනකම් මට බලාගෙන ඉන්න පුලුවන්.....මොකද කණ්නාඩියකින් පේන මට වඩා ඇස් වලින් පේන මම ලස්සනයි බන්....ඔයා දන්නව වෙන කෙනෙකුගේ ඇස් වලින් මාව බලන තරමටම මම ලං උනේ කාටද කියලා....ඔව් ඔයා දන්න, බළල් ඇස්....)

You & Me-Again (Upcoming)Where stories live. Discover now