🌙Chapter 3🥀

662 66 63
                                    

• වෙච්ච සිද්දියත් එක්ක ගෙදර ගිහින් මන් කලින්ම නිදාගත්තා මොකද මගේ mood upset ගිහින් තිබ්බේ.සුපුරුදු පරිදි ඊලග දවසෙ උදෙත් මන් alarm එකේ සද්දෙට නැගිට්ටා.මගේ phone එක තියල තියෙන්නේ table එක කෙලවරේ ඉතින් මන් නින්දෙන්ම වගේ alarm එක off කරන්න table එක උඩ අතගාලා බැලුවා.
ඒත් මගේ අතට අහුවුනේ phone එකනම් නෙමෙයි.මගෙ ඇගිල්ලේ කටුවක් ඇනුනා.ඉතින් මම අත ගසල ලගට ගත්තා.

"මොන මගුල.."මන් මගේ අතේ ගෑවිච්ච දේ දිහා ඇස් අයාගෙන බලන් හිටියා.
ඔව් ඒ තවත් සුදු රොස මලක්.ඒකෙත් කලින් මල් වල වගේම note එකක් තිබ්බා.
"0002'කියලා.

මන් ඊයේ රෑ දොරවල් ජනෙල් ඔක්කොම හොදට lock කරලා දෙපාරක්ම check කරල තමයි නිදාගත්තේ.ඒත් කව්රුහරි ගේ ඇතුලට ඇවිල්ලා තියෙනවා .මට එකපාරටම uncomfortable feeling එකක් දැනුනා.හරියට කව්රුහරි මන් දිහා බලන් ඉන්නවා වගේ.මට ඉස්සර මෙහෙම දැනිලා නෑ.ඒත් දැන් මට නිතරම දැනෙනවා කව්රුහරි මන් දිහා බලන් ඉන්නවා වගේ feeling එකක්.රෝසමලේ කටුවට ඇනුන පාර මගේ ඇගිල්ල හිල් වෙලා එතනින් ලේ බිංදු කීපයක් මතු වෙලා තිබුනා.ඉතින් මන් ඇගිල්ලත් කටේ දාගෙන bathroom එකට දිව්වා.මොකද මට අදත් cls එකට පරක්කු වෙලා යන්න බෑ.ඊයෙත් පරක්කු වෙලානේ ගියේ.
_________________________________________

"අම්මෝ මට නම් යකෙක් කන්න බඩගිනී බන්, අපි කැන්ටිම පැත්තෙ යං ඈ" class එකේ interval ඒක දෙන්නත් කලින්ම ඔහොම මගේ කනට මිමුණුවේ චන්කි.

ඉතින් අපි දෙන්නා interval එකට කැන්ටිමට ආවා. සුපුරුදු ලෙසටම කැන්ටිම ළමයින්ගෙන් පිරිලා. මොකද, මේ ආයතනයේ අපේ cls එක තියන දවසට අනිත් subject කරන ළමයින්ගෙ cls සුත් තියනවා.

ඊයේ cls එක ඉවරවෙලා මම ගෙදර යද්දි වෙච්චි ඔක්කොම මම චන්කිට කිව්වා. ඌ කන්නෙත් නැතුවම මගේ කතාව අහගෙන හිටියා.

"ආච්ච්ට rice ගරන්ඩ; මන් කිව්ව උබට drop කරන්නම් කියලා හරිනෙ දැන් කොරගත්තා. මන් දැක්කා අද උදෙත් තුහිනි උබ දිහා බලන් ඉන්නවා"

"පුදුම වද‍යක් බන්, ඒකි පස්සෙන් එන එක නතර කරන් නෑ, මට මොකක් හරි කරන්නම වෙන්වා. ඒකිගෙ මයියලා ටික ආයෙ කොයි වෙලාවෙ සම්ප්‍රාප්ත වෙයිද දන්නෙ නෑ"

~ආත්ම බන්ධන~ (onGoing •~°)Where stories live. Discover now