🌙chapter 8 🥀

558 55 177
                                    


• ක්ලාස් එක ඉවර වුණාට පස්සේ පාර ගාව පොඩි කඩේකට අපි දෙන්නා රිංගුවේ මොනවා හරි කන්න හිතාගෙන. දවල් 2.00ට විතර අපිට ක්ලබ් එකට යන්නත් තියෙනවා .

"මොනවද උඹට ඕනේ?"

"බිත්තර රොටී."
මාත් ඉතින් හෙන උද්යෝගෙන් කිව්වා.
බිත්තර රොටී කියන්නේ මං කැමතිම කෑමක් .මස් හෝදි කලවම් කරපු පරිප්පු හොද්දේ බිත්තර රොටියෙන් කෑල්ලක් ගාගෙන කනකොට දැනෙන රස.ම්ම් මතක් කරද්දිත් කටට කෙළ උනනවා වගේ..

"බිත්තර රොටියකුයි රෝල් එකකුයි දෙන්න.."
අපි දෙන්නා ඉතින් පොඩි චැටක් දාගෙන කාලා උණු උණුවෙන් ප්ලේන්ටි දෙකකුත් බිව්වා.

" මේ අද කෝචා අපිට ප්‍රැරැක්ටිස් කරන්න ඉන්න කියයිද බන්?"

"මළ කෙලියයි.එහෙම කිව්වොත් .ඇදුම් ගෙනාවෙත් නෑනෙ.."

"මේ සදුදා අපිට presentation එක නේද බන්.?"චන්කි එක පාරටම මතක් වෙලා මගෙන් ඇහුවා.

සිහියට අසුව ගන්න අපි දෙන්නා ඉස්කෝලෙ ගියේ බොහොම කලාතුරකින්.
Bio lesson එකට presentation  එකක් හදන්න කියලා දැන් සති දෙකක් විතර වෙනවා.ඒකෙන් ලැබෙන marks කෙලින්ම exam එකට එකතු කරනවා කියල තමයි මිස් කිව්වෙ.

"අද සෙනසුරාදනේ .තව දවසක් තියෙනවා .අම්බෝ ඇති යන්තන්.."
අපි දෙන්න සැනසුම් සුසුම් හෙලුවා.

"මේ එහෙනම් ක්ලබ් එකට ගිහින් ඊටපස්සෙ කෙලින්ම අපේ ගෙදර යමුද?"

ටික දවසකින් එහෙ යන්නත් බැරි උන එකේ මං හා කියලා ඔලුව වැනුවා.කොහොමත් චංකිගේ අම්මයි තාත්තයි හරිම හොඳයි.මට හරිම ආදරෙයි.අනිත් පවුල් වල ගෙදර තාත්තට ළමයි ටිකක් බය වුණත් චංකිලගේ ගෙදර ඒකෙ අනිත් පැත්ත.ඒ කියන්නේ චංකියි නංගියි අම්මට තමා ටිකක් බය.තාත්තත් එක්කනම් ආතල් එකේ ඉන්නවා.ආ මට කියන්න අමතක වුනානේ චංකිට නංගියකුත් ඉන්නවා කියලා.එයා චංකිට වැඩිය අවුරුද්දක් බාලයි.බොරු කියන්න ඕන්නෑ එයාට නම් චංකිගෙ ගතිගුණ ගෑවිලාවත් නෑ.ඒ කියන්නේ වැඩිය extrovert නැති මාරම calm vibe එකක් තියෙන නංගි කෙනෙක්.නංගියෙක් කිව්වට එයාගේ ඇඳුම් පැළඳුම් කොන්ඩේ හැසිරීම් මේ ඔක්කොම කොලු type එකේ.හැබැයි මට නම් එයාව සෙට්.

~ආත්ම බන්ධන~ (onGoing •~°)Where stories live. Discover now