උදෑසන සිට නොකඩවා ඇදහැලුනු වර්ෂාව රාත්‍රිය උදාවනවිට නතර වී තිබුනේ සෞම්‍ය සදෙහි මායාබලයට මෙනි.මුලු අහස්තලයහිම පාළු මකමින් පායා තිබූ පුන්සඳ බැලීමට උදේ සිට ඇගිලිගනිමින් බලා සිටි ඔහු ඉක්මනින් නිවස ඉදිරිපස වූ සොහොන දෙසට පියමැන්නේ ය.රාත්‍රිය උදා වී තිබූ මේ යාමෙයේ ඔහුගේ ගමනට බාධා කිරීමට කව්රුත් නොමැත.ඔහු හනිහනිකට ගොස් කනත්තේ ඔහුටම වෙන්වූ ඔහුගේ ප්‍රියතම ස්ථානය වන ගල්බංකුවෙහි අසුන්ගෙන සඳ දෙස බලාසිටීමට පටන් ගත්තේ ය....
Savi's pov,
ඔව්.වෙනද වගේම අදත් මං අහස දිහා බලන් හිටියා.ඒත් අද විශේෂයි.මොකද අද පුරහද පායපු දවසක්.උදේ ඉදන් වැහැපු වැස්ස රෑ වෙනකොට නතර වෙලා තිබ්බ හින්දා හඳ හරි පැහැදිලිව අහසෙ බැබලි බැබලි හිටියා.වැස්සක් වහල පායපු නිසාමදෝ එළිය හරි සීතලයි.විශේෂෙන්ම මන් හිටියේ හිටියේ කනත්තක ඉතින් ඒ සීතල දෙගුණ තෙගුණ වෙලා දැනුනා .ඒත් මට හද දිහා බලන් ඉන්න ඒ අමුතුම cold vibe එක බාධාවක් උනේ නෑ.පුරහද දිහා බලාගෙන ඉන්නකොට මගෙ මුලු ඇගම කවදාවත් දැනිලා නැති අමුතුම හැගීමකින් පිරිලා යනවා.ඒ හැගීමට මම හරි ලෝභයි.එ නිසාම වෙන්නැති මම හදට මෙච්චර කැමති.හැම පුරහද දවසකම සිද්ධවෙනව වගේ අදත් මට ගම්මානේ ආසන්නෙ තියෙන කදුපන්තිය දිහායින් බෙර සද්දයක් ඇහුනා.ඔය බෙර සද්දෙ හැම පුරහද දවසකම මට ඒ පැත්තන් ඇහුනා.දවසක ඔය කන්ද නැගල ඔතන වෙන්නෙ මොකද්ද කියලා බලන්න මට ඕන වුනා.
එකපාරටම ආපු අදහසක් අනුව මං phone එකඇරන් හදේ pht එකක් ගහල IG storiye දැම්මා.send කරල තප්පරයක්වත් යන්න කලින් මගේ post එකට කෙනෙක් like කරා.මං ඉතින් නිකමට වගේ එයාගේ account එකට ගිහින් බැලුවා.මං මෙහෙම එයාගේ account එකට යන කීවෙනි වතාවද දන්නෑ ඒක හැමදාම වගේ අදත් හිස්ව තිබ්බා.නමක් ගමක් දන්නැති නිසාම මං එයාව save කරන් හිටියේ Mr.Unknown කියල.ඉතින් එහෙම්ම phone එක තියපු මම ආයේත් හඳ දිහා බලන් ඉන්න පටන් ගත්තා.එකපාරම බංකුව පිටිපස්සෙ තියෙන පදුරු හෙල්ලෙන සද්දයක් ඇහුනා.මන් ගනන් ගත්තේ නෑ .පදුරු සර සර ගාන එක නතර උනේම නෑ.ඒ හින්ද මං පිටිපස්ස හැරිලා බැලුවා.මොකෙක්වත් නෑ.ඒ සැනින්ම ආයේ ඉස්සරහ බලද්දි මං දිහා කහපාටින් දිලිසෙන ඇස්දෙකක් බලන් හිටියා. සඳකිරණ ඒ ඇස් දෙකට පරාවර්තනය වෙලා ඒ ඇස් දෙක light bulb දෙකක් වගේ දිලිසෙනවා.ඒ ඇස් දෙක එක එල්ලේ මං දිහා බලන් හිටියා.ඒ ඇස්නම් මායාවක් වගේ.වශී වෙනතරම් ලස්සනයි .ඇස් දෙකේ අයිතිකාරය කළුම කළු ලොම් පූසෙක්.මගේ දිහා එහෙම තප්පර ගානක් බලන් ඉදලා ඌ අත ලෙවකන්න පටන් ගත්තා.ඊටපස්සෙ ආයේ ආපු පදුර පැත්තට වේගෙන් දුවගෙන ගියා.
YOU ARE READING
~ආත්ම බන්ධන~ (onGoing •~°)
Fantasíaසදට පෙම්බැදි ඔහුගේ ජීවිත කතාව එක් දෛවෝපගත රාත්‍රියකින් පසුව වෙනස් වී යයි.ඔහුගේ ජීවිතය දෙතැනක දෝලනය වෙයි.එක් මායාකාර රාත්‍රියක ඔහු හා ඔහුගේ ආත්මීය සහකරු අතර ආත්ම බන්ධමයක් සිදුවෙයි.ඔහුටත් නොදැනෙන සේ ඔහුට ප්‍රේමය කරන එක් ආදරණීය ආත්මයක් ඔහු වෙනුවෙන් දිව...