🌙chapter 12 🥀

469 47 85
                                    


• ප්රැක්ටිස් ඉවර වෙලා කෙලින්ම අපි ආපහු ගෙදර ආවා.අද කෙමිත් අයියත් ක්ලබ් එකට ආවේ නැති නිසා මට අද එතන රැදෙන්න එච්චර ආසවක් තිබ්බෙත්  නැහැ.චන්කි කෙලින්ම මාව ගෙදර ගාවින් ඩ්‍රොප් කරන් පස්සෙ එන්නම් කියාගෙන ගියා.අයියා ඒ වෙනකොටත් ගෙදර ඇවිල්ලා හිටියේ.

" ඔයා ආවද චූටි බබෝ" අයියා පරඝනක තිරෙන් ඇස් එළියට නොගෙනම මගෙන් ඇහුවා.

" ඔව් අනේ මහන්සී...ඔයා මොකද කරන්නෙ? යාලුවන්ව මීට් වුනාද?" මං එහෙම අහගෙන බෑග් එකත් පුටුවක් උඩින් දාලා පුටු සෙටියෙන් වාඩි වුනා.

" වැකේෂන් එකේ අපිට කරන්න කියල හෝම්වර්ක් වගයක් දුන්නනේ.මන් මේ ඒවා කම්ප්ලීට් කරන ගමන්.යාලුවන්වනම් හම්බුනා.විශේෂයක් නෑ.උන් හොදින් ඉන්නවා...ආහ් අච්චාරු එක මේසේ උඩ ඇති ඇරන් කන්න.."

අච්චාරු කියන නම ඇහුවා විතරයි මගෙ මහන්සිය කොහෙන් ගියාද කියල හිතාගන්න බෑ.මන් දුවගෙන් ගිහින් කුස්සිය මේසේ උඩ තිබ්බ අච්චාරු සිලි කවරෙ ඇරන් ආවා.

" ම්ම්ම්ම්..අඹ අච්චාරු ..අයියෙ ඔයා කෑවද?"

"ම්ම්"

එයත් කාලා ඉන්න එකේ මන් අච්චාරුවටම තනියෙම වැඩේ දෙන්න බලාගෙන හොදට හොදි ගාගෙන හොද කෑල්ලක් කටට දාගත්තා.ඒක ටිකක් සූප්පු කරපු ගමන්ම මට මහ අමුතු රසක් දැනුනා.මන් මූණ ඇඹුල් කරන් ඒ කෑල්ල හපනකොට අයියා මන් දිහා හැරිලා බැලුවා.

" ඇයි මොකද?"

"අම්..අමුතු රහක් එනවනේ අයියේ.." මන් ඒ රහ මොකක්ද කියල හොයාගන්න බැරුව තව කෑල්ලක් ඇරන් සූප්පු කරන්න ගත්තා.

"ඊයා අයියේ...ලේ රහක් එන්නෙ..." මන් කටේ තිබ්බ අඹ කෑල්ලත් අතට ඇරන් එළියට විසික් කලා.

"ලේ රහක්?" අයියා විමසිල්ලෙන් මන් දිහා බැලුවා.

"කොහෙන්ද අනේ මේ මලජරාව ගත්තෙ.ඔයා නෙමෙයි නේද හැදුවෙ.?"
මන් අච්චාරු එක කුස්සියේ ඩස්ට්බින් එකට දාන ගමන් ඇහුවා.

" එන ගමන් ගත්තෙ.මාත් කෑල්ලක් දෙකක් කෑවා හැබැයි .මටනම් ලේ රහක් දැන්නුනෑ හැබැයි." අයියා තාමත් මන් දිහා අමුතු බැල්මකින් බලන්.

~ආත්ම බන්ධන~ (onGoing •~°)Where stories live. Discover now