🌙chapter 11 🥀

480 47 142
                                    


• ඝන තුරුවියනට ඉහළින් අඩසද ඉහළ අහසේ යන්තමට මෝදු වෙමින් තිබුනි.විසල් වෘක්ෂයක වසා සිටි නිශාචර පක්ෂියෙකුගෙන් වේදනාත්මක රාවයක් පිටවූයේ උදා වෙමින් තිබූ මේ රාත්‍රියද සෑම මසකට වරක්ම උදා වූ අනික් රාත්‍රින් මෙන්  අවාසනාවන්ත බව බව ඉදුරාම පැවසීමට මෙනි.අදුරු වනාන්තරය තුළින් පිටතට පැමිනියේ කළු පැහැ ලෝගුවකින්ද කලු පැහැ මුහුනු ආවරණයකින් ද ශීර්ෂාවරණයක් ද පැලද සිටි පිරිමි රුවකි.
මදක් ඔබ්බට වෙන්නට අඩිය තබමින් ඉදිරියට පියමැණූ එම රුව ප්‍රමාණයෙන් කුඩා ගසක් තිබුණු ස්ථානයක නතර වුනේ ය.
"අබ්රා කදබ්රා..!" එම මන්තරය දෙතොලින් මුමුණමින් ගස ඉදිරිපසින් තිබූ හිස් අවකාශය දෙසට තම සුරත දිගු කළේ  තමාගේ දෑස් අඩවන් කරගනිමිනි.ඒත් සමගම මේ මොහොත වෙනතුරු එතන තිබූ නමුත් වෙන කිසිවෙකුටත් නොපෙනුනූ ගල් ගුහාවක් ඔහු සුරත දිගු කරගෙන සිටි දිශාවෙන් විද්‍යමාන වන්නට විය. තමන්ට යමක් මුමුණගත් ඔහු අදුරු ගුහාවට ඇතුළු වී යථෝක්ත රහස් කුටියට ඇතුළු වුණි.
පිරිසිදු වාතය පැමිණීමටවත් අඩුම එකදු කුහරයක්වත් නොමැති එම රහස් කුටිය රාත්‍රියට පමණක් නොව දවාලටද වෙළී පැවතුනේ ගුප්ත අදුරු බවකිනි.
එම නිසාම රහස් කුටියේ තැනින් තැන ගිනිපන්දම් සවි කර එක යම්දුරකට හෝ ආලෝකමත් කිරීමට උත්සාහ ගෙන ඇත.
ඉතා බලවත් මායා බන්ධන යොදා එම යථෝක්ත කුටියෙහි එක් ප්‍රාණියෙක්ව යදම් බැද තිබුණි.පියවි ඇසට නොපෙනෙන මෙම යදම් සැබෑ ඒවාටත් වඩා සිය දහස් ගුණයකින් බල සම්පන්න වුණි.කුටිය තුළ සිර කර සිටි ප්‍රාණියාගෙන් එකදු කෙදීරීමක්වත් පිටි වූයේ නැත.
මුහුණ බෙල්ලෙන් පහළට කඩා වැටී තිබූ අතර අපිරිසිදු  වූ ශ්වේත වත්ස්‍රයකින් සැරසී සිටින පණ නලය තවමත් තිබේදැයි පවා විශ්වාස කිරීමට නොහැකි සිරකරුවා දෙස රහස් කුටියට ඇතුළු වූ යථෝක්ත පිරිමි රුව බලා සිටියේ උපේක්ෂාවෙනි.
මුළු පරිසරයේම  පැවති නිහඩ බව බිදී යන්නේ තවමත් ඈතින් සවන් වැකෙන අතු රිකිල්ලක සිටිමින් නාද කරන නිශාචර පක්ෂියාගෙන් පමණි.

"ඔයා තාමත් නිදිද ප්‍රියාවේ...! ඔයාට අමතකද අද මන් ඔයාව බලන්න එන දවස කියල ..ම්ම්ම්.."

~ආත්ම බන්ධන~ (onGoing •~°)Where stories live. Discover now