🌙chapter 7🥀

619 63 151
                                    


• වෙනදා නිශාචරයන්ට සහ ඔවුන්ගේ අතොරක් නොමැතිව ඇසෙන ශබ්ද වලටම පමණක් වෙන් වූ සෙවරස් කන්ද මුදුනෙහි අද විශේෂිත යමක් සිදුවීමට නියමිතව පැවතුණි. සඳ නොමැති අහසේ පාළු මකන්නට අද රාත්‍රියෙහි එකදු තරුවක්වත් පායා තිබුනේ නැත. අමාවක අහසින් විස්සෝප වූ සුළඟද අද නිවාඩු ගෙන ඇති සෙයකි. එබැවින් කන්ද පාමුල තැනින් තැන පත්තු කර තිබූ කළු ඉටිපන්දම් නොනිමී තව ස්වල්ප මොහොතකින් සිදු වීමට යන විශේෂිත පූජාවට සම්පූර්ණ ආලෝකය සපයමින් එම ස්ථානය එළිය කරන්නට විය. රාත්‍රී එකොළහ කණිසම නාද වීමෙන් පසු දෙපා දක්වාම ඇදහැලෙන සේ සැරසුන කළු ලෝගු කරුවන් එකින් එක පැමිණීමට ගත් හ. පෙර සිරිතට අනුව ඔවුන් සියල්ලන්ම මුහුණු වැසෙන සේ මුහුණු ආවරණ පැළද සිටියහ. එතන සිටි සියල්ලන්ගේම කළු පැහැ වූ අඳුරු දෙනෙත් ඒ මොහොතේ යොමු වුනේ තවත් කළු ලෝගු පැළඳි ආරක්ෂකයින් පස් දෙනෙක් පෙරටු කරගෙන පැමිණි සඳ නැමැති රැයෙහි පායා තිබෙන තාරකාවන් දෙකක් මෙන් බැබළුනු කහ ඇස් දෙකක් හිමි ඔවුන්ගේ උත්තරීතර උරුමකරු දෙසටයි. ඒත් සමගම රැස්ව සිටි සියල්ලන්ම එම විශේශිත පුද්ගලයාට එක් දණක් නමා ආචාර කළහ.කලු පැහැයට අමතරව ඔහුගේ ලෝගුවට සුවිශේෂී බවක් එක් කරමින් එහි රතු පැහැයද මිශ්‍රව පැවතිය අතර ඔහුගේ දෑස් නොඉවසිල්ලෙන් තවත් එක් විශේෂිත පුද්ගලයෙක් එතනට පැමිනෙන තෙක් බලා සිටියේ ය.

මද මොහොතක් ගෙව්නි.එක්වරම අවට මීදුම වැන් දුමාරයක් පැතිර ගිය අතර එය පහව ගිය පසු එළියට මතු වූයේ ඔවුන් මෙතෙක් වෙලා බලාපොරොත්තුවෙන් සිටි අනික් විශේෂිත පුද්ගලයා යි.සියල්ලෝම ඇයට ද දණ නවා ආචාර කළහ.ළා කහ පැහැයට හුරු වූ දෙනෙත් හිමි ඇයද තමා ඉදිරිපස වූ උරුමකරු දෙසා බලා ආඩම්බරයෙන් මෙන් සිනාසුනා ය.
මදකින් දෙදෙනාම පූජාව පටන් ගැනීමට
තිබූ තැනට ගියහ.විශේෂිත වූ සුදු කුඩු වර්ගයකින් පොලොවෙහි ඇද තිබූ තරු වෘත්තය වටා සියල්ලන්ම එක් රැස් විය.
එය ඇතුලට ගිය විශේෂිත පුද්ගලයන් දෙදෙනාද පූජාව ආරම්භ කරනු වස් යාඥා කිරීමට පටන් ගත්හ.එය අතරමැද රක්ත රුධිර බදුනක් රැගත් පූජකයෙක් එතනට පැමිනුනි.තරුවෘත්තය මධ්‍යයෙහි ඔවුන් අදහන පූජනීය වස්තුව තැන්පත් කර තිබූ අතර රුධිර බදුන අතර ගත් උරුමක්කරු වස්තුව එයින් නැහැව්වේ ය.

~ආත්ම බන්ධන~ (onGoing •~°)Where stories live. Discover now