part 03

530 38 6
                                    

අභිශේක්...! "

මං හිටියෙ උදේ ඉදන් බීලා ඉවර කරපු වතුර බෝතලේට පින්සිද්ද වෙන්න පට්ට අමාරුවකින් වොශ් රූම් යන්නෝන වෙලා , ඒ අස්සෙ මගෙ නම කියලා කවුරුහරි කෑ ගහනවා ඇහුන පාර මං ඉක්මන්ට පිටිපස්ස හැරිලා බැලුවා , ඇස් දෙකෙන් කදුලුත් පැන්නා අමාරුව වැඩි කමට දෙයියනේ ආය නම් විජලනය හැදිලා මලත් වතුර නම් බොන්නෑ

ඇවිත් හිටියෙ තෙනුක අයියා මේ දවස් වල හෙඩ් බෝඩ් එකේ මං සම්බන්ධව යම්කිසි හුටපටයක් යමින් පවතිනවා ඇයි යකෝ ඉස්කෝලෙදිත් මුන් හතර දෙනාගෙන් එකෙක්ව හම්බෙනවා ටියුශන් එකේදිත් දකිනවා කොහෙ හරි ඇවිදින්න ගියත් මූනට මුලිච්චි වෙනවා තව ටික දවසකින් ගෙදර දොර ඉස්සරහටත් එයි හැභිශේක් යැයි යැයි ගාගෙන

" අභිශේක් පොඩ්ඩක් ප්‍රිෆෙක්ට් රූම් එකට එන්න, ශශික මල්ලිවත් එක්කන් එන්න ....! "

එහෙම කියාගෙන තේනුක අයියා අමුතු ලුක් එක්කින් මං දිහා බලලා ප්‍රිෆෙක්ට් රූම් එක පැත්තට ගියා , දෙයියනේ දැන්නම් මුන්ව දකිද්දිත් බයයි වගේ.. ඔය එක එක බැල්මවල් තමා මට අල්ලන්නෙම නැත්තෙ , මං එහෙම්ම වොශ්රූම් එකට යද්දි ශශිකයා ස්ටෝල් එකේ ඉදන් එලියට ආවා පෙනේද මේ බේසිකයා අපායට උනත් එකට යනවයි කිය කිය ඉන්නෙ ඒ වුනාට මාව අතන තනි කරලා ඇවිත් දෙයියනේ මුට විනාඩි පහෙන් පහට වොශෲම් යන්න ඕනි වේවා ඒස්වා පුහ්..!

මං මගේ සියලුම වැඩ ඉවර කරන් මූනත් හෝදන් ශශිකවත් ඇදගෙන ප්‍රිෆෙක්ට් රූම් එකට ගියා , අපේ ස්කෝලෙ වොශෲම් ෆයිව් ස්ටාර් හොටෙල් එකක වගේ මාරම ක්ලීන් සෙන්සඩ් සින්ක් එහෙම තියෙන්නෙත් ආය ඉතිම් ප්‍රයිවට් ස්කූල් කිව්වම ඒ ගැන අමුතුවෙන් කතා කරන්න ඕනි නැහැනෙ

මං ශශිකවත් ඇදන් ඉක්මනට ප්‍රිෆෙක්ට් රූම් එකට ගියා ඔය ලබ්බ රාජකීය පවුලෙ අයට විතරයි විවෘත අපිට මොන එහෙකට එන්න කියනවද මන්දා

" අඩෝ කෙනෙත් කවුද කියපන්කෝ....."

"ආ දැන් උබ එහෙමද "

" වැඩක් නෑ දනා මූ ඕක කියන්නෑ "

" මූ නම් තිසරු පොල් පිති හරකෙක් "

" ඇති ඇති දනා .. උබ මූට දණ ගහලා වැදලා ඇහුවත් මූ ඕක කියන්නෑ , බලපන් ඕක දැනගත්ත දවසෙ ඉදන්  මායි තෙනුකයි කී පාරක් මුගෙන් ඇහුවද කෝ මූ කිව්වද නෑනෙ නෑනෙ "

අපි ප්‍රිෆෙක්ට් රූම් එකට යනකොට එතන අයියලා යම්කිසි පෞද්ගලික දෙයක් කතා කර කර ඉන්නවා , දොරත් ඇරලා හරිම අගෙයි , මං ඉතිම් ඔව්වා අහන් ඉන්න එක හරි නැති නිසා උගුර පොඩ්ඩක් පෑදුවා ( හරි ඉතිම් පොඩ්ඩක් විතර ඇහුනා ඒක වෙනම කතාවක් )

"අහ්ම්...අහ්ම්.."

" ආහ් මල්ලිලා ...එන්න එන්න ඇතුලට "

තෙනුක අයියා අපිට කතා කලා ඇතුලට මං ශශිකවත් ඇදන් ඇතුලට යනකොට දනන්ජය අයියගෙ මූන බලන් ඉද්දිම මැලවිලා ගියා , කෙනෙත් අයියත් හෙන අමුතු දුක හිතෙන මූනක් හදන් දනන්ජය අයියා දිහා බලන් හිටියා තිසරු අයියා අපිට ඉදගන්න පුටු දෙකක් ඇදලා දුන්නම මං ශේප් එකේ ඉදගත්තා ශශිකත් බිම බලන් ඉදලා හිමීට එහා පැත්තෙන් ඉදගත්තා, ඇයි මට හිතෙන්නෙ දනන්ජය අයියගෙයි ශශිකගෙයි අතර යම්කිසි දෙයක් තියනවාය කියලා

" මේකයි මල්ලිලා මේ පාර ස්පෝර්ට්ස් මීට් එකේ වින් කලේ අපේ ඊදර් හවුස් එකනෙ හරි මෙහෙමයි අපිට හවුසස් නැහැ තමා but අපි හතර දෙනාම කලින් හිටියෙ ඊදර් හවුස් එකේ ඉතිම් හවුස් එක වින් කරපු එක අපිට සලිබ්‍රේට් කරන්නත් බැරි උනානෙ කෝස් ඔෆ් දැන් වී ප්ලෑනඩ් අ ස්මෝල් පාර්ටි , ඔයාලා දෙන්නා හවුස් එකේ කැප්ටන් ඇන්ඩ් වයිස් කැප්ටන් නිසා ඔය දෙන්න නැතුව අපිට පාර්ටි එක කරන්න බෑනෙ , බිහයින්ඩ් එකේ ඉදන් අපි පොඩි සප් එකක් දුන්නට ඔයාලානෙ හවුස් එක වෙනුවෙන් කැප වෙලා වැඩ කරලා මේක වින් කරවන්න උදව් කලේ , ඉතිම් අනිවාරයෙන් එන්නෝන හරිද එනවනේ...?!"

තෙනුක අයියා ඇදලා පැදලා එහෙම කියලා කෙලින්ම අපි දිහා බැලුවා , පාර්ටි එකක් නම් හා අම්මේ ඒ වුනාට කවුරු ඕකට එනවද දන්නෑ අනික කොහෙද තියෙන්නෙ කීයටද පටන් ගන්නෙ ඔය මුකුත් නොදැන කෙසේ පවසන්නද එනවද නැද්ද කියලා ම්හුක්

" කෙනෙත්ලගෙ ගෙදර තමා තියෙන්නෙ හවස හතරට පටන් ගන්නෙ අහ් තව ඔයලගෙ බැජ් එකේ අපේ හවුස් එකේ ගොඩක් අය එනවා මල්ලිලාගෙ නම්බර්ස් දෙන්නකො අපි පාර්ටි එකට යන අයව ඇඩ් කරලා ගෲප් එකක් හැදුවා ඒකට ඔය දෙන්නව ඇඩ් කරන්නම් පේරන්ට්ස් ලගෙන් අහලා එනවද නැද්ද කියලා කියන්න "

මගෙ මූන දිහා කන්න වගේ බලන් හිටපු තිසරු අයියට මං හිතපු දේ තේරිලාද කොහෙද එයා ඩීටේල්ස් ටික කියාගෙන කියාගෙන ගියා , අද ගිහිම් අම්මගෙන් අහලා බලන්නෝන අම්මගෙ සූටි පුතාට අම්මා යන්න දෙයි කියලා හිතනවා ශශික යනවනම් ඉතිම් අපායට උනත් යන්න දෙනවා මට හේ හේ

----------

අනේ මේ wattpad එක පිස්සු කෙලිනවා දෙයියනේ

මම sehi ❤️

අසෙනි වැහි||Aseni wahi Where stories live. Discover now