part 08

441 33 6
                                    

මං කෙනෙත් අයියා දිහා හැරිලා බලද්දි එයා සාක්කුවටත් අත් දෙක දාන් මං දිහා බලන් හිටියා ඉස්සෙල්ලා වගේ නෙවේ දැන් නම් හෙනම වෙනස් එයාගෙ මූනෙන් කිසිම හැඟීමක් මට පෙනුනෙ නැහැ එක්කො කලින් මං මවා ගත්තද දන්නෑ ආශ්.....!

" i mean , ur voice is perfect like honey මං අදමයි උබ සින්දු කියනවා ඇහුවෙ "

මන් කම්පියුස් වෙලා වගේ කෙනෙත් අයියා දිහා බලන් ඉන්නවා දැකලා එයා එහෙම කිව්වා

" mm thanks "

මං හිනා වෙලා තෑන්ක්ස් කියලා එන්න හැරුනා

" හෙට පාර්ටි එකට එනවා නේද "

" ම්ම්.."

මං එතනින් ඉක්මනට දුවගෙන ආවා මං දන්නෑ මගේ මේ රෙද්දෙ හාට් එකට මොකක් වෙලාද කියලා යටි බඩ කැලැත්තෙනවා වගේ හෙන අමුතු ෆීලින් එක්කුත් දැනෙනවා දෙයියනේ බඩ වෙලාවත්ද නෑ නෑ එහෙම වෙන්න විදියක් නෑනෙ අනික මං කෙල්ලෙක් ද, දන්න තරමින් එහෙම මොකවත් උනෙත් නෑ මේක මේ වෙන මොකක් හරි විපර්‍යාසයක් , දිගටම මේක මෙහෙම වෙන්න ගත්තොත් මාව මැරිලා යයි ඒක ඒ තරම්ම දරාගන්න අමාරු හැඟීමක් ඉස්සර ඉදන්ම මං කෙනෙත් අයියව දන්නවා තමා ඒත් මෙහෙම හැඟීමක් දැනුන සහ එයා මං දිහා එහෙම බලන් හිටපු ෆස්ට් ටයිම් එක මේක ආශ් මතක් වෙද්දිත් හාට් එක ලබ් ඩබ් ලබ් ඩබ්--

" අම්මේ...........! ඔයාලා ලයිට්ස් නිවලා නිදා ගන්න මං මේ පේපර්ස් ටික ඉවර කල්ලා නිදාගන්නා.....ම් "

" හරි පුතා , වැඩිය පාන්දර වෙනකන් ඉන්නෙපා "

මං හිටියෙ ආර්ථික විද්‍යාව හැදින්වීමක් 1 කොටස ඩැනී අතපත්තු සර් ලිව්ව හෙන තඩි පොතත් මේසෙ උඩ පෙරලන් අවශ්‍ය කරුණු වගයක් නෝට් ඩවුන් කරගන්න ගමන් තව පාස්ට් පේපර්ස් දෙකක් කරන්නත් තියනවා

ස්කෝලේ ඇරිලා ආපු වෙලේ ඉදන් මං මේ වැඩ වලටම ඔලුව ෆෝකස් කල්ලා තියන් හිටියා නැත්නම් මට අර පුත්තලම් මැටි හරකව මතක් වෙනවා ආශ් ඔන්න ආය මතක් උනානෙ මේ මොන හිස්තැනක්ද ඕයි , මං කාමරේ දොර වහල ඇවිත් ෆෝන් එක අරන් වට්සැප් ලොග් උනේ ශශිකට මැසේජ් එකක් වත් දානවා කියලා හිතාගන උනත් මේ ටයිම් එක ඌ පාඩම් කරන ටයිම් එක කියලා මතක් උන නිසා මං ස්ටේටස් ටික බලන්න ගත්තා එතකොටම ජස්ට් නව් කෙනෙත් අයියා ස්ටේටස් එකක් දැම්මා වේයිට් වේයිට් කෙනෙත් අයියගෙ ස්ටේටස් මට පෙන්නනනවා කියන්නෙ එයා මාව සේව් කරන් මට ඒකට ලාවට හිනා ගියා ඒත් ඇයි මං හිනා උනේ

අසෙනි වැහි||Aseni wahi Where stories live. Discover now