අපි ට්‍රිප් එක ගිහින් ගෙදර ආපු දවසෙම අපේ අම්මත් ගෙදර ඇවිත් හිටියා..අම්මව දකින්න මං කොච්චර ආසාවෙන්ද හිටියෙ...ඒත්,
" අම්මෙ...!"
ගෙදරට ඇතුල් වෙද්දිම අම්මව දැකපු ගමන් මම දුවගෙන ගිහින් එයාව තද කරලා බදාගත්තා..පුතාලා කොහොමත් ගොඩාරියක් ආදරේ අම්මලාට
" සත්රු..කොහොමද ට්‍රිප් එක.."
ඉතින් ඒ ආදරේ ගින්නකට අහුවෙච්ච ග්ලැසියර් කන්දක් වගේ දියවෙලා යන්න ගියේ තත්පර පහයි..ඇයි අම්මට බැරි මට ඉස්සර වගේ ආදරෙන් සුදු පුතේ කියලා කතා කරන්න..ඇයි එකපාරට මෙහෙම වෙනසක්
" wow Kethaki..what a suprise..his look same to urs"
ගෙදර ඇතුලෙ ඉදන් ආව ටිකක් ෆොරින් ටයිප් මැදි වයසෙ මනුස්සයෙක් එහෙම කියන ගමන් අම්මගෙ ඉණ වටෙන් අතක් දාලා අම්මව එයා ලගට ගත්තෙ මං අම්මගෙ වටේට දාන් හිටපු අත් දෙක නිකන්ම පහලට වැටෙද්දි
" අම්-මෙ..?"
මං ඇස් දෙකත් ලොකු කරන් අම්මා දිහා බලන් අම්මට කතා කලාම අම්මා හිනා වෙලා අර මනුස්සයගෙ අත අල්ල ගත්තා..
" සත්රු මේ ඉන්නෙ මං මැරි කරන්න ඉන්න එක්කෙනා..may be ur stepfather "
මාව කරකලා අතෑරියා වගේ..stepfather කියලද කිව්වෙ..නැත්තන් ඒක මට ඇහිච්ච විදියද..
" අම්මේ.."
" why boy..don't u like me ah..? Do u think i'm not matching to ur beautiful mom..?"
" no..no..babe..it's his normal type..he is already accepted our affair...නේද සත්රු..?"
මං මොනා කියන්නද...මේ හැමදේම එයාලා තීරණේ කරලා තියෙද්දි මගෙ කැමැත්ත අකමැත්ත එයාලට මොකටද..
" i'm so tired..i want to go to get a wash now..so.."
මං අම්මගෙ මූන දිහා බැලුවම එයා බොරු හිනාවකින් මං දිහා බලන් ඉන්නවා..මං දැන් එයාගෙ පුතා නෙවෙයිද..
"-so i'll meet u later..uncle"
මං කෙලින්ම මගෙ කාමරේට දුවන් ආවා..අත්තම්මා කොහෙද දන්නෑ..මට මේ වෙලාවෙ මොකුත්ම හිතෙන්නෙවත් දැනෙන්නෙ වත් නැති තරම්..මෙතන මොකක්ද සිද්ද වෙන්නෙ..මට පිස්සු හැදෙන්න වගේ
මං ආපු ආවේගෙට මේසෙ උඩ තිබ්බ පෙන්සිල් හෝල්ඩර් එක අරන් පොලවෙ ගැහුවා..ඒක කෑලි කැඩිලා හතර අතේ විසි වෙද්දි ඒ කැඩිච්ච වීදුරු කෑල්ලක් අරන් මම කණ්ණාඩිය ඉස්සරහට ගියා..
YOU ARE READING
අසෙනි වැහි||Aseni wahi
Non-Fictionමට ඕන කවදමහරි මේ ජීවිතේ කෙළවරක් දකිනකන්ම ඔය ඇස් දෙක දිහා බලන් ඉන්න ..! - කෙනෙත් දීඝායු