" අම්මේ.................! "
මං ක්ලාස් ඉවර වෙලා ගෙදර එද්දි අම්මා ගෙදර ඇවිත් හෙට පෝය නිසා අද නිවාඩුද කොහෙද , මං එහෙම්ම කාමරේට ගිහිම් වොශ් දාලා අම්මව හොයාගෙන පහලට ආවෙ විශේශ බඩ්ඩක් ගැන කතා කරගන්න
" ඕ සුදු පුතා අම්මා කාමරේ "
අම්මා කාමරේ අස්සෙ ඉදන් මට එහෙම කියද්දි මං හොද............ඔක්සිජන් වායුවක් උඩට අරන් කාබන්ඩයොක්සයිඩ් වායුවක් පාතට දැම්මා
" අම්මා වැඩක්ද සුට්ටක් කතා කරමුද .."
මං අම්මාගෙන් එහෙම අහගෙන ගිහින් අම්මලාගෙ ඇද උඩින් වාඩි උනා අප්පච්චි අදත් වැඩ
" පොඩි වැඩක් නම් තමා however කියන්නකො පුතා මොකක්ද කියන්න තියෙන්නෙ "
අම්මා ලැප් එක ස්ලීප් මොඩ් දාලා කන්නාඩි දෙක ගලවලා බෙඩ් සයිඩ් ටේබල් එක උඩින් තිබ්බා
" අම්මේ..මෙ..අහ්ම් ඔයාට මතකද අපේ ස්පෝර්ට්ස් මීට් එක "
" මට මොකෝ මතක නැත්තෙ අර ඔයා අයියා කෙනෙක්ගෙන් ගුටිත් කෑවෙ , ඊටපස්සෙ ආය අහුවුනොත් මර-- "
" අයියෝ අම්මේ.........තරහයි "
මේ අම්මලා හරි නරකයි අෆ්ෆා එහෙම තමා අයියලාගෙන් ගුටි කන එක සාමාන්යයි නේ හුම් අනික උගේ මොකක් හරි අමාරුවක් නැති කරගන්න ඌ මට ගැහුවෙ නැතුව මේ මගේ වැරැද්දකට නෙවේ , මං අර අල්ලපු ස්කෝලෙ කෙල්ලෙක්ව අල්ලලා උට පොඩි විහිලුවක් කලා තමා ඒකට ඉතිම් සපත්තුව ගලවලා ගහන්නෝනි නෑනෙ රෙද්ද
" ඉතින් ඉතින් ස්පෝර්ට්ස් මීට් එක මොකද "
" එදා අපේ හවුස් එක දින්න නිසා හවුස් එකේ ඕල්ඩ් බෝයිස්ලා පාර්ටි එකක් අරේන්ජ් කල්ලා මමයි ශශිකයි හවුස් එකේ කැප්ටන්ලා නිසා අපි දෙන්නටත් එන්න කිව්වා යන්නද ඉතිම් ....."
මං අම්මා දිහා බැලුවම එයාගෙ මූනෙ අකමැත්තක් තිබ්බෙ නැහැ අනේ මන්දා
" ම්ම්ම් ශශික පුතත් යනවනම් ප්රශ්නයක් නැහැ ඒත් අප්පච්චිගෙනුත් අහන්න ඕනි , මං රෑට හරියටම ආන්ස්වර් එක දෙන්නම් "
මං හා කියන්න ඔලුව වනලා එතනින් නැගිටලා එන්න ආවා
" කොහෙද පුතා පාර්ටි එක තියෙන්නෙ "
YOU ARE READING
අසෙනි වැහි||Aseni wahi
غير روائيමට ඕන කවදමහරි මේ ජීවිතේ කෙළවරක් දකිනකන්ම ඔය ඇස් දෙක දිහා බලන් ඉන්න ..! - කෙනෙත් දීඝායු