part 35

383 30 39
                                    

" අන්න අල්ලපු වැටේ කෙල්ලො ටික ගොඩ බැහැලලු..යමන් ඒ පැත්තෙ "

ආතල් එකේ ෆ්‍රී පීරියඩ් එකක් බලලා ගානට සින්දුවක් කියන්න ගත්තා විතරයි දනන්ජය අයියව හම්බෙලා එන්නම් කියලා ගියපු ශශිකයා එහෙම කියාගෙන පන්තියට ආවෙ අපේ එවුන් සමහරක් උන්ගෙ ගර්ල්ෆ්‍රෙන්ඩ්ලව හම්බෙන්න යනවා කියලා රගහල පැත්තට යනකොට..අපිට නම් ඉතින් මොන කෙල්ලොද

" අනේ බෑ බන්..ගියා කියලා කෙල්ලෙක්වත් ටෝක් කරන්නද "

" ඇයි බන් අද තුශී නන්ගිත් එනවා නේ "

ශශික කියද්දි තමා මටත් මතක් උනේ..ඇත්තට අද චූටි නෝනත් එනවා කිව්වනේද..

" ඒ..එහෙනම් අපිත් යන් රගහල පැත්තෙ"

මං ශශිකයාට එහෙම කියන ගමන් ඉදන් ඉන්න තැනිනුත් නැගිටලා ශර්ට් එකත් පොඩ්ඩක් හදාගෙන රගහල පැත්තට එන්න ආවා..

අපි යනකොට එක එක විදියෙ කෙල්ලො අපේ මුලු ස්කෝලෙම ආක්‍රමණය කල්ලා තිබ්බා..අපේ උන්ටත් ආය කෙල්ලෙක් දැක්කම මැජික් වගේ..මං ඉතින් ප්‍රිෆෙක්ට් කෙනෙක් නිසා එතන හිටපු නවය වසරෙ පොඩි උන්ට බැනලා උන්ව පන්තියට එලවලා පොඩ්ඩක් ශෝ ඕෆ් උනා...අපේ ස්කෝලෙ අපිත් ටිකක් රගන්න එපැයි නැත්තන් තාත්වික නෑනෙ

ඔය අල්ලපු වැටේ කෙල්ලො කියන්නෙ නම් මල වහන්තරා ටිකක්..උන් හිතන් ඉන්නෙ හෙන පොශ් හෙන කෑලි කියලා..හැබැයි ලස්සන කෙල්ලොත් නැතුව නෙවේ ඒත් සමහරුන්ගෙ රැගිල්ලට නම් ඔස්කාර් දෙන්න වටිනවා..උන් අපේ ස්කෝලෙට ඇවිත් අපිට පේන්න රගන්නෙ නිකන් මේක උන්ගෙ ස්කෝලෙ එතකොට අපි තමා මේකට පිටින් ආපු උන් කියලා හිතාගෙන..දෙන්න තියෙන්නෙ හොටු කෙල්ලොන්ට

" සුදු අයියේ....!"

ටිකකින් මං හොදටම අදුරන බටු ඇට කෙල්ලෙක් දුවගෙන දුවගෙන ඇවිත් මගේ අතේ එල්ලුනාම මං ඒකිගෙ කොන්ඩෙන් අල්ලලා ටිකක් එහාට කල්ලා එතන තිබ්බ ගහකට හෙත්තුවක් දාගත්තා.

" මීටරෙන් හිටපන් නන්ගි හොදේ.."

" අපෝ අයියේ තමුසෙනම් මහ...අනේ ඔයා එන්න ශශී අයියෙ..මූව එපා මට "

චූටිනෝනා මූනත් පුම්බන් ගිහින් ශශිකගෙ අතේ එල්ලුනාම මං උන්දෙන්නටම රවලා අහක බලාගෙන හිටියා..මේ පොඩි එවුන්ට විහිලු තේරෙන්නෙත් නෑ..

අසෙනි වැහි||Aseni wahi Where stories live. Discover now