හරිම අgay...මාව එක්ක යන්න ඇවිත් හිටියෙ අර ශෙරිල් ආන්ටිගෙ පුතා..මූ මොකටද ආවෙ..
ඌ කාර් එකේ දොර මට ඇරලා දුන්නම මං නගිනවද නැද්ද කියලා කල්පනා ලෝ මල් වනේක ගිලිලා හිටියා
" අද ගෙදර යන්න අදහසක් නැද්ද..?"
මට මුගෙ මූන මැද්දට ම දෙකක් දීලා අරින්න හිතෙනවනෙ ඇයි ඒ..
" මයි ගෝඩ්..අයියේ..! "
" අඩේ පොඩී..!"
" කවද්ද බන් නුවර ආවෙ..අම්මාවත් කෝල් කලේ නෑනෙ මට..."
" අපි උදේ ආවෙ..හවසට උබව බලන්න එන්න හිටියෙ "
මේ අවස්තාවෙ මං කම්ෆියුස් උන්ගා බුන්ගා වෙලා හික් ගෑවිලා හිටියෙ..ඇයි දන්නවද...
කොහෙන්දෝ ඉදන් දුවගෙන ආව කෙනෙත් අයියා එක පාරට අර මනුශ්පයාට අයියේ කියලා කතා කලාම අරූ කාර් එකෙන් බැහැලා ඇවිත් පොඩී කියාගෙන කෙනෙත් අයියව බදාගත්තා..ඒ අස්සෙ හවස කෙනෙත් අයියා බලන්න යන්නලු හිටියෙ
" අහ්ම් අහ්ම්.."
මාව මේ මිනිස්සු දෙන්නා ගනන් ගන්නෙ නැති නිසා මං උගුර පොඩ්ඩක් රැල් බුරුල් කලේ මුන්ට මං කියලා ජීවියෙක් මෙතන ඉන්නවා කියලා අගවන්න..
" අහ් cutie...මේ කෙනෙත්..මගේ මල්ලි..එතකොට කෙනෙත්..ඔයා සමහරවිට දන්නවත් ඇති මේ සත්රු "
අර විනුද් කියන එකා මාව කෙනෙත් අයියට ඉන්ට්‍රඩියුස් කරාම මට කොහෙන්ද හිනා වෙන්න ඕන කියලා හිතා ගන්න බැරි උනා දම්සාරී.....හික්
කෙනෙත් අයියත් මූන දෙක කරන් මං දිහා බැලුවා
" අපි යාලුවොනෙ අයියෙ..ඒක නෙවේ ඔයාලා කොහොමද අදුරන්නෙ "
කෙනෙත් අයියා ඕනවට එපාවට වගේ අපි යාලුවො කියලා මාව කොහොමද අදුරන්නෙ කියලා ඇහුවා
" අහ් අර අම්මගෙ ස්කෝලෙ කාලෙ බෙස්ටිගෙ පුතානෙ මේ..අර කොයිවෙලෙත් කියවන්නෙ කේතකී කේතකී ගගා "
" අප්පටසිරි එහෙමද..ම්ම්..ම්ම්ම්..ඒක නෙවේ අයියා මොකද මෙතන කරන්නෙ "
" මං මේ cutie ව එක්ක යන්න ආවෙ "
අර විනුද් කියන එකා එහෙම කිව්වම කෙනෙත් අයියා මං දිහා බලලා ආය ඌ දිහා බැලුවා
YOU ARE READING
අසෙනි වැහි||Aseni wahi
Non-Fictionමට ඕන කවදමහරි මේ ජීවිතේ කෙළවරක් දකිනකන්ම ඔය ඇස් දෙක දිහා බලන් ඉන්න ..! - කෙනෙත් දීඝායු