"උබ තාම කිව්වෙ නැ ඉතිම්... උබට පුලුවන් කියන්න දැන් මන් අහන් ඉන්නෙ....."මෙසෙ උඩින් එකට එකතු කරන් තියලා තිබ්බ මගේ අත් දෙක ශාහිලයා මන් නොහිතපු විදියට උගේ අත් දෙකෙන්ම අල්ලගත්තා.... මන් උ දිහා බලද්දිත් ඌ මන් දිහා බලන්... ඇස් කොනෙන් පෙනුනා ඩොටා යශ්මිත අයියව අල්ලගත්තා.....
"මන් මන් උබට ආදරෙයි සදීශ්......"
ම්ම්ම්ම් ඉල්ලන් කැවා වුනත් ඒක සුපිරි හයේ පාරක් බෝලේ කෙලින්ම ඇවිල්ලා බොක් ගාලා ඇරිච්ච කටේ හිර වුනා.....
"ශාහිල් බන්..."
"නෑ එකට උත්තර එපා මට එකම එක දෙයක් කියපන් මන් වැරදිද...."
ආදරේ කරන එක වැරද්දක් නෙවේ... ඒත් අපි ආදරෙ කරන කෙනාගෙන් ආපිට ඒක බලාපොරොත්තු වෙන එක වැරැද්දක්... ඒත් ශාහිල් එහෙම බලාපොරොත්තු වෙලා නැ මගෙන් ඌ දැනන් ඉදලා මන් වෙන කෙනෙක්ට කැමති කියලා... එහෙම ගත්තම උගෙ අතේ වැරැද්දක් නැ කොහොමත්....
"ආදරේ හිතෙන එක වැරැද්දක් නෙවේ බන්....."
ශාහිල් ලාවට හිනා වෙලා මගෙ අත් ඇතැරලා පුටුවෙ පිටිපස්සට බර වුනා.......
"උබ වෙන කෙනෙක් එක්ක ඉන්නවා බලන්න තරම් මගෙ හිත හයිය නෑ බන් ......"
"උබ කියන්නෙ යශ්මිත අයියා ගැනද......"
යශ්මිත අයියා දිහා බලලා අයෙ මගෙ පැත්ත හැරිලා මු එහෙම කිවෙ අනිවාරෙන් යශ්මිත අයියා හින්දා වෙන්නම ඕන....
"ම්ම් බට්න් එකක් ඔබලා නවත්තන්න පුලුවන්නම් ගගක් වගෙ ගලන් එන ෆීලින් ඔක්කොම ඒවා ඉඩෝරෙට අහු වෙලා ගොඩක් කල්....."
"මට තේරෙනවා උබව මන් හිතනවා උබටත් මාව තෙරෙනවා කියලා...."
"ම්ම් ඔව් ලබන සතියේ සදුදා කූල් නයිට් එකේදි සෙට් වෙමු.... උබ අනිවාරෙන්ම එන්න ඕන යශ්මිත අයියා එක්ක...."
"මොකා උබ කියන්නෙ හොටෙල් එක ගැනද......"
"ම්ම්ම් ඔව් ලබන සතියේ අගහරුවාදාට ෆ්ලයිට් එක ......."
"තෙරෙන්න කියපන් පගයෝ...."
"අප්පච්චි යන්න යන්න කිව්වට මන් බෑම කිව්වා ඒත් තවත් මට ලන්කාවේ ඉන්න තරම් හේතුවක් නෑ මන් යන්නෙ හිත සැහැල්ලුවෙන් උත්තරේ මොකක් උනත් මට ඕනෙ උනේ උබට කියන්න විතරයි ඉතිම් මන් කිව්වා දැන් නිදහස් මන්......."
YOU ARE READING
ආයූ | AYUU | සිංහල Bl | Sinhala
Non-Fictionහැගීම් ලස්සන තිබ්බ විදියටම නැතුව ගලේ ගහලා අපුල්ලලා අරන් වචන කරලා දිග අරිද්දි..... "ආදරේ ලස්සනම වරක් ඇතුලින් මියැදිලා , ආයේ පණ ගහන මිනිස්සු ඒ ගැන කතා කරද්දි " යථාර්ථය විත් දොරගුළු කරකන තෙක් සතුට හත් ගව්වකය...... 💜️