"පුන්චො අපි ගිහින් එන්නාම්.. අම්මෙ යනවා ඇහ්...."මන් මෙහෙන් ගියාට පස්සෙ යුවේනයා මගේ වාහනේ හදවලා තිබුනා එදා දිනෙතගේ බුලට් එකක් වැදිලා සයිඩ් කණ්නාඩිය ලෙෆ්ට් උනානේ... යුහන්සගෙ බර්ත් ඩේ ගිෆ්ට් එක දෙන්න එක්ක යන්න ලැස්ති වෙලා එයා ලැස්ති වෙනකම් මන් ගෙදරට ගිහින් වාහනෙ අරන් ආවා... මෙ යන ගමනට පුන්චිගෙ වැඩි කැමැත්තක් නෑ මන් ඒක හොදටම දන්නවා. වැරැද්දක් කියන්නත් බැ එයාගෙ පැත්තෙන් එයා සාදාරන ඇති. යුහන්ස පුන්චිටයි අම්මටයි වැදලා එනකම් මන් කාර් එකට නැගැලා බලන් හිටියා.. හදිසියේම මන් වට පිට බල බල ඉන්නකොට මගෙ ඇහැට අහු උනේ මගේ ගේට් එක ලග තියෙන පිච්ච පැලේ.... මගෙ මුනටම නිකම්ම හිනාවක් ආවා.... යුහන්ස දන්නෙ නැනේ ජස්මින් මගෙ ෆේවරිට් කියලා... මන් ආයෙම යුහන්සලාගෙ මිදුල පැත්ත බැලුවම දැක්කේ පුන්චි යුහන්සගෙ ඔලුව අත ගාලා මොනා හරි කිව්වා.... හුටස් යුවෙනයට ගන්න ඕන.... මන් ක්ශනික ෆොන් එක අරන් යුවෙන්ට කොල් එකක් ගත්තා.......
"හෙලො මේ මට ශොප් එකේ ලොකෙශන් එක දාපන්කො......"
"සදියා දන්නවා බන් තැන....."
මු අමු මෝඩයා කියන්නෙ නිකම්ද...
"ලොකෙශන් එක එවපන් කිව්වම...."
"කැ ගහන්නෙ ඉතිම් එවන්නම් හිටපන්....."
මන් ෆොන් එක කට් කරනකොටම යුහන්ස ඇවිල්ලා කර් එකට නැග්ගා........
"ඔය ශිට් බෙල්ට් එක දාගන්න යුහන්ස..."
"පොඩ්ඩක් ඉන්නවකො වදෙ මගුල මහන්සිනේ දුවගෙන ආවේ දැක්කේ නැද්ද මිදුලෙ ඉදන් ගෙට් එක ලගට එනකම්.........."
"ඉඩියට්...."
මන් ඇහෙන නැහෙන ගානට කියලා වාහනෙ ස්ටාර්ට් කරගත්තම මොන මොනාදෝ කට උල් කර කර කියන ගමන් යුහන්ස මට බනින්න තියාගත්තා...... හන්දිය හරියට එනකම්ම යුහන්ස මොකුත්ම නොකියා හිටියා.... මටත් කතා කරන්න තරම් දෙයක් එවෙලෙ මතක් උනේ නෑ.....
"මේ හලො අයියේ කියනවකො අපේ අම්මට කොළඹ යන් කියලා..... එයා බැ කියනවා අප්පා...."
"එ මොකො බෑ කියන්නේ....."
"ගෙවල් වහලා දාලා යන්න බැලු....."
YOU ARE READING
ආයූ | AYUU | සිංහල Bl | Sinhala
No Ficciónහැගීම් ලස්සන තිබ්බ විදියටම නැතුව ගලේ ගහලා අපුල්ලලා අරන් වචන කරලා දිග අරිද්දි..... "ආදරේ ලස්සනම වරක් ඇතුලින් මියැදිලා , ආයේ පණ ගහන මිනිස්සු ඒ ගැන කතා කරද්දි " යථාර්ථය විත් දොරගුළු කරකන තෙක් සතුට හත් ගව්වකය...... 💜️