අගේ කරන්න තරම් ඔය හාදුව රත්තරංද කියලා හිතලා උබට බැයි නම් මන් ගන්නම්කො කියලත් හිතලා මන් යශ්මිත අයියට ලන් වුනා විතරයි යුවේන් අයියා කෝල් එකක් ගත්තම මට දැනුන ආධ්‍යාත්මික සුවය කියලා නිම කරන්න බැරි තරම්..... හැනෙ හුබේ ගාලා කෝම හරි මන් යශ්මිත අයියා එක්ක ආයෙම පන්සලට ආවේ කට්ටිය අඩු වෙලා හින්ද ලොකු හාමුදුරුවොන්ට කතා කරන්න......ලොකු හාමුදුරුවෝ එක පාරම කතා කරන්න නවතින්න කිව්ව හේතුව මට තාම හිතා ගන්න බෑ.... එක්කො අඔඑ අම්මා හාමුදුරුවෝ එක්ක මොනා හරි කියලා මට උපදෙස් දෙන්න කිව්වාවත්ද නැත්තම් දැන් නිතරම යශ්මිත අයියා ලොකු හාමුදුරුවෝ හම්බෙන්න එන නිසාද... එත් ඇයි අපි දෙන්නටම...... මගෙ ඔලුවට එක පාරම ආවේ මට යශ්මිත අයියව මුලින්ම හම්බුන වෙලාව මේ පන්සලේ මේ බෝ මළුවෙදිම එදා තමා ලොකු හාමුදුරුවෝ කිව්වෙ බෝධින් වහසේගේ කොල හුළගට ප්‍රතිවිරුද්ධ අතට නොපිට පෙරලිලා ලෙල දෙන කතාව මට තාම හිතා ගන්න බෑ ඒ කතාවේ තේරුම මොකක්ද කියලා..... කොහොම හරි කල්පනාවෙන් කල්පනාව ඒ වෙද්දිත් මායි යශ්මිත අයියයි එකා දෙන්නා තවම එහා මෙහා යන බෝ මළුවට ඇවිල්ලා බලන් හිටියා ....
"මේ ඇයි දන්නෙ නැ නෙහ් ලොකු හාමුදුරුවෝ කතා කරන්න ඉන්න කිව්වෙ..."
යශ්මිත අයියාගෙන් මන් ඇහුවම එයා උත්තරයක් දෙන්න ගියත් ලොකුහාමුදුරුවො ග්‍රාමසේවක මාමා එක්ක කතාව ඉවර කරලා අපෙ පැත්තට හැරුන එකෙන් යශ්මිත අයියට උත්තරයක් දෙන්න බැරි උන හින්දා එයා උරහිස් අකුලලා දන්නෙ නැ කියලා හාමුදුරුවෝ ඉන්න පැත්තට ගියා...... මාත් ඒ පස්සෙන්ම ගියා.....
"ආහ් කොල්ලො දෙන්නා ආවා නම් මේ පැත්තෙන් බණ මඩුම දිහාවට...."
මායි යශ්මිත අයියයි හාමුදුරුවෝ ලගට ගිහින් දණ ගහලා වැන්දම ලොකු හාමුදුරුවෝ අපි දෙන්නට බණ මඩුවට යන් කිව්වා.... මන් දන්න ඇති කාලෙක ඉදන් වැදගත් කතාවකට ලොකු හාමුදුරුවෝ වඩින්නෙ බණ මඩුවට..... ඉතිම් මොකක්ද ඒ වැදගත් කතාව කියලා හිත හිතම මාත් පස්සෙන් ගැටුවා........
ලොකු හාමුදුරුවෝ වෙනදා වගේම උන් වහසේගේ ආසනෙන් ඉදගත්තම මායි යශ්මිත අයියයි ඒ ඉස්සරහින් වාඩි උනා.... දැන් මට තවත් ඉවසන්න බෑ මොකක්ද අමුත්තක් හිතට දැනෙනවා.....
YOU ARE READING
ආයූ | AYUU | සිංහල Bl | Sinhala
Non-Fictionහැගීම් ලස්සන තිබ්බ විදියටම නැතුව ගලේ ගහලා අපුල්ලලා අරන් වචන කරලා දිග අරිද්දි..... "ආදරේ ලස්සනම වරක් ඇතුලින් මියැදිලා , ආයේ පණ ගහන මිනිස්සු ඒ ගැන කතා කරද්දි " යථාර්ථය විත් දොරගුළු කරකන තෙක් සතුට හත් ගව්වකය...... 💜️