යශ්මිත ආර්යන් දුනුසිංහ pov -විඩියෝ කෝල් එක ගත්ත ගමන් කෝලම වගේ ලැජ්ජාවෙන් ඇබරි ඇබරි හිටියට මොකද යුහන්ස පැය දෙකක් විතර කියවලා කියවලා අන්තිමෙට දන්නෙම නැතුව නින්ද ගියා..... මන් තව පැයක් විතර ඒ දිහා බලන් ඉදලා යුවේනයා කැ ගැහුව හින්දම ලයිට් ඕෆ් කරලා ඇදට ආවා... ඇවිත් රැ එකටත් කිට්ටු වෙනකම් යුහන්ස හුස්ම ගන්න සද්දෙ අහන් හිටියා.... එක වෙලාවකට මට පිස්සු..... එන්න එන්නම යුහන්ස ලගදි මගෙ ගොළු පිලිවෙතට වැටබැදෙනවා..... දවසට වැඩිම වචන ගානක් මගෙන් පිට වෙන්නෙත් මේ පොඩි ඇට්ටරයා ලගදි..... සති දෙකක වැඩ දවස් දෙකෙන් ඉවර කරගන්න බැරි වෙන එක්කුත් නෑ...... දැන් වෙලාව උදේ හතට වගේ ඇති....
පොරොන්දු වුන විදියටම කැන්ඩි යන්න චේන්ජ් කරන් යුහන්සව බලන්න මාලඹේ ඉදන් ආයෙම කොස්වත්තට යන්න ඕන..... ඉයේ මට කොලඹ එන්න කිසිම හේතුවක් තිබ්බෙ නෑ ඔෆිස් එකට එන්නත් වුවමනාවක් තිබ්බේ නෑ මන් ඔක්කොම සෙට්ල් කරලා තිබ්බේ කැන්ඩි යන නිසා.... එත් ඉතිම් නැන්දම්මයි පුන්චියි මගෙ පොඩි ඇට්ටරයයි එක්ක එන්න ඔන නිසාම උදේ පාන්දර තඩි පචයක් කියලා එයාලව එක්ක ආවා.....
"යශ් උබ එන්නෙ සති දෙක්කින් නේහ්...."
"නෑ දවස් දෙක්කින් එනවා......"
"ඒව් තෝ නම් අනෙ යකො මෙවා මටම ඇහෙනවනේ සැක්......."
"උබටත් තෙරෙයි ආදරේ කරනකොට....."
මන් කින්ඩියට වගෙ කියලා මිරර් එකෙන් බලන් කොන්ඩෙ හැදුවම කියන්න වචන දාහ ආවත් යුවේනයා ආව කෝල් එක නිසාමද කොහෙද මිරර් එකෙන් පේන්න මට මිඩ්ල් ෆින්ගර් එක දික් කරන් එලියට ගියා..... ආදරේ කරනකොට උබට තෙරෙයි කිව්වට ඕකා මුලින්ම කෙල්ලෙක්ව සෙට් කරගත්තේ අට වසරෙදි ඒකත් නමය වසරෙ කෙල්ලෙක්ව උට ඒ කාලෙ ඉදන්ම තිබ්බේ අක්කලාගෙ පිස්සුව... දැන් කියලත් වෙනසක් යැ පුන්චිව අල්ලන් ඉන්නේ........
මන් ලැස්ති වෙලා ඉවර වෙලා කී එක අරන් වාහනෙට ගියේ ෆෝන් එක කනෙ ගහන් ඉන්න යුවේන්ටත් යන්නම් කියාගෙනමයි........
තීරණේකට ඇවිත් හිටියත් හැමදේම විසදන් ආදරෙයි කියලා කියන්න අම්මලාගෙ කැමැත්ත අරන් ඉන්න හැමදේකටම කලින් නොහිතපු විදියට යුහන්ස ආදරෙයිද අහද්දි මටත් මාව පාලනේ නැතුව ගියා ඊටත් වඩා ලෝභ හිතුනා හිත පිරෙන්න උතුරලා යන ආදරේ මොන හේතුවක් නිසාවත් අපතේ යවන්න...... ඉතිම් වෙන ඕනම දේකට මූන දෙන්න බලන් මන් ආදරෙයි කිව්වා........
YOU ARE READING
ආයූ | AYUU | සිංහල Bl | Sinhala
Sachbücherහැගීම් ලස්සන තිබ්බ විදියටම නැතුව ගලේ ගහලා අපුල්ලලා අරන් වචන කරලා දිග අරිද්දි..... "ආදරේ ලස්සනම වරක් ඇතුලින් මියැදිලා , ආයේ පණ ගහන මිනිස්සු ඒ ගැන කතා කරද්දි " යථාර්ථය විත් දොරගුළු කරකන තෙක් සතුට හත් ගව්වකය...... 💜️