"ළමයි ඔයාලට අලුත් ටියුට් එක යනකොට ඔෆිස් එකෙන් ගන්න පුලුවන්.... මේකෙ නොට් එක දාගෙන අදට ඉවර කරමු අපි......"
ක්ලාස් ඉවර කරන්න තව පැය කාලක් වගේ තියෙද්දි සර් තව නෝට් එකක් දෙන්න ගත්තම මට දවල් තරු පේන්න ගත්තේ ඒ වෙද්දිත් පට්ටම නිදි මතක් ලෝඩ් වෙලා තිබ්බ හින්දා...... ඩොටායි ශාහිල්ටයි ගුඩ් නයිට් කියලා ඔලුව ඩෙස් එක උඩින්ම තියාගත්තෙ යන්න කලින් නෝට් එකේ ෆොටො එකක් ගහ්ගෙන ගෙදර ගිහින් ලියන්නම් කියලා හිතාගෙන.... එත් ඩෙස්ක් එක උඩිනොලුව තියාගත්තම ඔලුවට එන්නෙ වෙන විකාර.... මට ඇයි මන් එක්ක තනි වෙන හැමවෙලේම එකම දෙයක් මතක් වෙන්නෙ.... විනාඩි දෙකක් ඉන්න ඇති උපරිම මන් ආයෙම ඔලුව උස්සලා එක රූලක් ඉඩ තියලා සර් කියන එක ලියා ගත්තා..... අද මන් ඉන්නෙ බිත්තිය පැත්තේ අයිනේ නෙවේ කෙල්ලන්ගෙ පැත්තට වෙන්න... අප්පෙ මුන්ට පිස්සුද මන්දා.... මේ අන්තිම පැයකාලෙත් තොට ලග තොරන ගහනවා ටියුට් එකේ පාට පෑන් වලින්.... හයි කයිට් කරගන්න කියන එවගෙ යටිනුත් නිල් පැනෙන්ම ඉරක් ගහන මට ඔයාලව සෙට් වෙන්නෙ නැ නම්කියා........ කොම හරි ක්ලාස් ඉවර වෙලා මායි ශව්වයි අද ආවේ බස් එකේ ලාල් මාමලාගේ ගේ ලගින් වෙල මැද්දෙන් ශව්වා දුවන් යනකම් බලන් ඉදලා ෆෝන් එකෙන් සින්දුවක් ප්ලේ කරන් මන් රබර් කැලේ මැද්දෙන් එන්න ගත්තා........
රෑ සිහිනයක් වාගේ ජිවිතේ මාගේ
වේදනා පාවෙලා මාගෙන් මිදුනේ
අන්තයක් නොදුටූ නිල් අහසේ පාවී
කඩදාසියක් සේ යන්නම් සීමා මායිම් කෝසංසාරෙ මාගේ දෑතේ වෙලිලා
මේ වාගේ ආවේ ඔබ මා සමගින්
මටම ආදරේ පෙම් කුමරෝ
මාළිගා නැතේ කිසිදාක මා පැතුවේ
මේ ලෝකයේ මා කවුරු
මං හදවතින් පතනා සුබපැතුම් ජිවිතේ
බොද වෙලා දුරු වෙලා අහිමි වී යාදෝ
එක හිතේ පිරේවි හොර රහසින් ඇවිදින්
හිතවත් කමක් හදුනන කෙනෙක් හුස්ම අරන් එයිදො.....මේ වාගේ ආවේ ඔබ මා සමගින්
එන්න විදගන්න මේ ජිවිතේ
මටම ආදරේ පෙම් කුමරෝ
මාළිගා නැතේ කිසිදාක මා පැතුවේ
මේ ලෝකයේ මා කවුරු....මාළිගා නැතේ කිසිදාක මා පැතුවේ
මේ ලෝකයේ මා කවුරුකොහොම හරි යශ්මිත අයියගෙ ගේ දිහා නොබලා එන්න හිත හදාගත්තත් මන් නැවතුනේ පිච්ච පැලේ ලග මගෙ ඇස් නැවතුනේ ගේ දිහාවට සින්දුවත් ඉවර වුනා..... යනවද නැද්ද...... එයා කිව්වෙ ඇවිත් පාඩම් කරන්න කියලා නිකම් හිතුන හිතුන වෙලාවට එන්න කියලා නෙවෙනේ.......
YOU ARE READING
ආයූ | AYUU | සිංහල Bl | Sinhala
No Ficciónහැගීම් ලස්සන තිබ්බ විදියටම නැතුව ගලේ ගහලා අපුල්ලලා අරන් වචන කරලා දිග අරිද්දි..... "ආදරේ ලස්සනම වරක් ඇතුලින් මියැදිලා , ආයේ පණ ගහන මිනිස්සු ඒ ගැන කතා කරද්දි " යථාර්ථය විත් දොරගුළු කරකන තෙක් සතුට හත් ගව්වකය...... 💜️