01

686 82 16
                                    

'කොහෙවත් ඉන්න අවජාතකයොන්ට දෙන්න අපි කෙල්ලෝ හදලා නෑ.......

උඹට මේ අන්තිම වතාවට කියන්නේ..... මගේ කෙල්ලත් එක්ක තියෙන ඇයි හොඳයිය නවත්තපන්.....'

මගේ එක්ක සමාන්තරව ඇවිදගෙන ආව චාපාව දඩු අඬුවක් වගේ අතකින් ඇදිලා ගියා.....

අපි දෙන්නා හිටියේ ඉස්කෝලේ ඇරිලා පයින් ගෙදර එන ගමන්...... මගේ දකුණු අතේ චාපාගේ වම් අත ගෑවී නොගෑවී තියෙද්දි අපි දෙන්නට වඩා අපි දෙන්නගේ ඇස් කතා කරන්න ඇති..... ඒ හින්දමද මන්දා චාපාගේ තාත්තා අපේ ඉස්සරහින් ඇවිත් හිටගන්නකම් අපි දෙන්නගෙන් එක්කෙනෙක්ටවත් ඒ මනුස්සයව පෙණුනේ නැත්තේ.....

'අනේ තාත්තේ......'

තාත්තා ඇදලා ගත්ත පාරට විසි වෙලා ගිය චාපා ආයෙම ඇවිත් මගේ සුදු පාට ඉස්කෝල කමිස කරේ තිබුණ තාත්තගේ අතේ එල්ලුණා.

'උඹ පැත්තකට වෙයන්..... උඹ ගැන මං බලාගන්නම් ගෙදර ගිහින්.....

මේ උඹට දෙන අවසාන අවවාදේ.... ආතක් පාතක් නැති අවජාතකයෙක්ට මේකි දෙනවට වැඩිය හොඳයි මේකිව කෑලි කෑලි කපලා ගිහිං ගඟේ මූදේ දානවා!!!'

චාපාගේ තාත්තා ගුණදාස...... පළාතටම හිටපු යමක් කමක් තියෙනවා කියන්න පුළුවන් එකම මනුස්සයා...... ඒ අතින් බැලුවාම චාපායි මායි කියන්නේ අහසයි පොළොවයි වගේ......

චාපාගේ තාත්තා මගේ කන් පිරෙන්න දෙස් දෙවොල් තියලා මගේ ශර්ට් කොලර් එක අත ඇරලා දාලා චාපාගේ අතින් ඇදගෙන රතු පාට තැපැල් නයින්ටියේ නැගලා යන්න ගියේ මාව ගුරු පාර මැද්දේ තනිකරලා.....

'අවජාතකයා'

දන්න කියන දවසේ ඉඳන් මට වැදුණ ලේබල් එක..... ලැයිමේ උන්නු අනික් හැම ළමයෙක්ටම උන්ගේය කියලා නමක් වාසගමක්... අනන්‍යතාවයක් තිබුණා..... වෙන එකක් තියා මගේ නංගිටත් ඔය කියන අනන්‍යතාවේ තිබුණා.... හැබැයි මට ඇරෙන්න......

උප්පැන්න සහතිකේ පියාගේ නම , පියාගේ රක්ෂාව කියන තීරු වලට කළු පෑනෙන් ඇඳුණු ඉරක් විතරක් තියෙද්දි හිතට දුකක් දැණුනේ නෑමයි කියන්නේ කොහොමද?  පියාගේ නමට ඉරක් වැදුණට මොකද මටත් තාත්තෙක් හිටියා.... ජීව විද්‍යාත්මකව ජීවයක් උපදින්න නම් අම්මෙක් තාත්තෙක් දෙන්නෙක් ඉන්නම ඕනනේ..... එහෙම නැත්තම් මම ඕපපාතිකයෙක් වෙන්න එපැයි....  ඉතින් උප්පැන්න සහතිකේට නම නුදුන්නට මටත් තාත්තෙක් හිටියා....

තිමිරයන් බිඳිමිWhere stories live. Discover now