07

114 26 13
                                    

'අපි කොහෙද යන්නේ අයියේ?'

අපි දෙන්නා හිටියේ එයාගේ කාර් එකේ...... සුපුරුදු විදියටම මාව මත් කරවන ලැවැන්ඩර් සුවඳින් ඒක පිරිලා තිබුණා...... හැමදාම වගේ සුක්කානමට තියන අත ඇරුණාම නිදහස් අත මගේ අතක් වටේ එතිලා තිබ්බා..... ගියර් මාරු කරන්න විතරක් සැරින් සැරේ එහෙ මෙහෙ වුණත් පුළුවන් හැම වේලාවෙම ඒ අත මගේ අතේ ඇඟිලි අතර පටලැවිලා තිබුනා.....

'චර්ච් එකට'

'චර්ච් එකට?'

මම එයාවම පුනුරුච්චාරණය කළා.....

'ම්ම්ම්ම්.... චර්ච් එකට තමයි.... ඇයි මේ ඇස් උඩ තියාගෙන...'

මගේ නළලට ඇඟිල්ලකින් තට්ටු කරන ගමන් එයාගේ අර සමනළ් හිනාව තොල් අගින් මතුවෙද්දි එයා ඇහුවා.....

'ඒත්.... මං බෞද්ධ නේ.... මම චර්ච් යන එක හොඳයිද.....'

'ඇයි..... බුදු හාමුදුරුවෝ කියලා තියෙනවද..... පල්ලි වලට යන්න එපා කියලා......'

'නෑ.... මං හි-'

'ජේසු තුමා කියලත් නෑ බුඩිස්ට් අයට පල්ලියට එන්න එපා කියලා..... බය වෙන්න එපා මම ඔයාව ක්‍රිස්ටියන් කරවන්න අරගෙන යන්නේ නෑ.....'

'එහෙම නෙවේ..... එක පාරට කියද්දි මට හිතාගන්න බැරි වුණා..... ඒත් ඇයි හදිසියේ ම චර්ච් යන්නේ?'

'අද මගේ උපන්දිනේ....'

'මොකක්!!!!!!'

මගේ කටහඬ ඕනවට වඩා උස් වුණා......

'ඇයි මට කිව්වේ නැත්තේ? මං දන්නෙවත් නෑ බර්ත්ඩේ එක කියලා...... අඩු ගාණේ තෑග්ගක්වත් ගන්-'

'ඔයා මාත් එක්ක අද ඉන්න එක තමයි මට ලැබුණ වටිනම තෑග්ග..... ඉතින් ආයේ තෑගි මොකටද වස්තූ.....'

මගේ පිටි අත්ල හෙමින් පිරිමදිමින් එයා කියන්න ගත්තා.....

'ඒත්....ඔයාට තිබ්බා අයියේ මට කලින් කියන්න......'

'තරහා ගන්න එපා වස්තූ..... මට උපන්දිනේ කියන්නේ තවත් නිකම් එක දවසක් විතරයි......  අවුරුදු 32 ක් අදට මට..... දවසින් දවස මම වයසට යනවා කියලා මතක් කරලා දෙන දවසක් අමුතුවෙන් සමරන්න ඕනෙද මං? '

'ෆේස්බුක් එකේවත් දාලා තිබ්බේ නෑ..... කලින් දැනගෙන හිටියා නම් මම හිස් අතින් එන්නෙ නෑනේ..... හහ්'

තිමිරයන් බිඳිමිWhere stories live. Discover now