05

139 30 13
                                    

එදා හොඳට ඉර පායපු ලස්සන දවසක්...... වාහන වල හෝන් සද්දේ පරයන මිනිස්සුන්ගේ ඝෝෂාව එක්ක කොළඹ කියන්නේ හරි කලබලකාරී නගරයක්...... මම හිටියේ හරි චකිතයකින්...... මම කොටුව බස් ස්ටෑන්ඩ් එකෙන් පාර පැනලා බේරේ වැව අයිනේ ගහක් යට හෙවනේ  නතර වුණා..... මම තවමත් ඉන්නේ හිතේ දෙගිඩියාවෙන්...... මම අයියව හම්බවෙන්න ඕන කියලා කිව්වට.... අපි හම්බවෙන්න තැනක් තීරණය කලාට.... මම තවම දන්නේ නෑ මොනවද කතා කරන්න ඕන කියලා......

'වස්තූ....... ඔයා කොතනද ඉන්නේ?'

'බස් ස්ටෑන්ඩ් එකේ පාරෙන් එහා පැත්තේ.....'

'ඔහොමම ඉස්සරහා කලර් ලයිට් එක පැත්තට එන්න..... ලයින් එකේ ඉද්දිම එන්න....'

මම ඉක්මණ් අඩි වලින් කලර් ලයිට් එක පැත්තට ඇවිදගෙන ගියා....

'ආ... රතුයි කලුයි චෙක් ශර්ට් එකක් නේද ඇඳන් ඉන්නේ...... හරි හරි මට ඔයාව පේනවා..... මං කාර් එක නතර කරපු ගමන් නගින්න හොඳද.... මෙතන නවත්තන් ඉන්න දෙන්නෙ නෑ.....'

එයා එහෙම කියලා තප්පර දහයක් යන්න කලින් කළු පාට පැන්ඩා කාර් එකක් ඇවිත් මගේ ඉස්සරහා නතර වුණා..... ඉක්මණටම කාර් එකේ දොර ඇරගෙන මම ඇතුලට පැනගන්නවත් එක්කම වගේ එයා කාර් එක ඉස්සරහට ඇද්දුවා.......

මම හිතුවා වගේමයි..... ෆොටෝ වලින් විතරක් නෙවේ... හැබැහිනුත් එයාට තියෙන්නේ හරි හිත නිවන පෙනුමක්..... කලර් ලයිට් එක ළඟින් පැසෙන්ජර් සීට් එක පැත්තට දුවන්න වෙලාව මදි නිසා මම කාර් එකේ පිටිපස්සේ සීට් එකෙයි වාඩි වුණේ...... ඒ හින්දම මට හිතේ හැටියට එයා දිහා බලන්න චාන්ස් එක හම්බුණා.......

එයා ඇඳගෙන ඇවිත් හිටියේ නිල් පාට ඩෙනිම් කලිසමකට සුදු පාට ටී ශර්ට් එකක්...... එයාට තිබුණේ හරි ලස්සන මී පැණි පාට හමක්...... කාර් එකේ ස්ටියරින් වීල් එකට හෙමින් තට්ටු දාන ඇඟිලි තුඩු හරි පිරිසිදු ළා රෝස පාටට පෙනුණා..... හොඳ ගාණට නඩත්තු කරන ඇඟ පතක් එක්ක.... පළල් උරහිස්..... පිරුණු බයිසෙප්..... ගාණට මේන්ටේන් කරන රැවුලක්...... ඉත්තෑ කූරු වගේ කොට කොණ්ඩේ...... කඩවසම් කියන වචනෙට 10න් 10ක්ම දෙන්න පුළුවන් විදියේ පරිපූර්ණ බාහිර රූපයක් එයාට පිහිටලා තිබුණේ......

තිමිරයන් බිඳිමිWhere stories live. Discover now