08

143 34 12
                                    

'මොකද ලොකු පුතේ ගියපු වැඩේ?'

'වතුර එකක් දෙන්නකෝ අම්මා... මාර මහන්සියි.....'

ගෙට ගොඩ වෙනකොටම දොරකඩ මග බලාගෙන උන්න අම්මට එහෙම කියන ගමන් මම කමිසයේ බොත්තම් බුරුල් කරලා  කටින් දාඩිය පිඹිමින් ම ප්ලාස්ටික් පුටුවට කඩන් වැටුණා ......

'ආ.... බීල ඉන්න...'

'.........ඒක හරියන වැඩක් නෙවේ අම්මා....'

එක හුස්මට වතුර ජොග්ගුවෙන් බාගයක් බීපු මම ආයෙම ජොග්ගුව අම්මා අතට දුන්නේ එහෙම කියන ගමන්..... සතියේ දවසක නිවාඩුවක් දාලා මම තාත්තත් එක්කගෙන ප්‍රාදේශීය සභා කාර්‍යාලයට ගියේ මගේ උප්පන්නේ පියාගේ නම කියන තීරුව පුරවගන්න කියලා හිතාගෙන...... හැබැයි ඒක ඒ තරම් සාර්ථක ගමනක් නොඋන තැන මටත් තාත්තටත් හිස් අතින් ආයෙම හැරිලා එන්න වුණා.....

'ඒ ඇයි ලොකු පුතේ.... කච්චේරියේ මහත්තුරු මොකද කිව්වේ?'

'කච්චේරියට නෙවේ ගියේ අම්මා.... ඒජී ඔෆිස් එකට.... අපි හිතන තරං ලේසියට උප්පැන්නයක් වෙනස් කරන්න බෑ අම්මා...... අම්මගෙයි තාත්තගෙයි කසාද සහතිකේ ඉල්ලනවා...... '

'කසාද සහතිකේ?'

'ඔව්.... උපන්න ගමන් නම් මව්පියන් අවිවාහකයි කියල හරි ලියන්න තිබ්බලු.... ඒත් දැන් අවුරුදු විසි පහක්ම ඉවරයි..... දැන් ඉතින් ඕව්වා හදන එක ලේසි නෑ......'

'අර මනුස්සයා මොකද කියන්නේ?'

'එයා මොනවා කියන්නද ඉතින්..... '

'වෙන මුකුත්ම ක්‍රමයක් නැද්ද ලොකු පුතේ?'

'ආයේ ඉතින් එහෙනම් තාත්තා ලොකු අම්මව දික්කසාද කරලා අම්මව නීතියෙන් කසාද බඳින්න ඕන..... එහෙම නැතුව කසාද සහතික හම්බෙන්නේ නෑනෙ......'

'ඒ මොන විලි සංගෙ නැති  වැඩද්ද ?'

'ඒකනේ.... ඒක හින්දා ඕක ඔන්න ඔහේ තිබ්බාවයි..... මොකද උප්පැන්නෙට ඔතන ඉරක් තිඋනයි කියලා මම මැරුන්නෑනේ.... මේ ඉන්නේ යස අගේට.....'

'ඒත්....ලොකු පුතේ....'

'ආයේ ඒත් මේත් එපා අම්මා..... ඕක ගැන ආයෙ කතා නොකර ඉමු........ '

තරවටු හඬකින් අම්මට එහෙම කියලා මම කාමරේට වැදුණා.......

***********************************************







තිමිරයන් බිඳිමිWhere stories live. Discover now