Chapter 02 ❄

92 10 4
                                    

ඒ කටහඩ..බාවනාවක්..ඒ සිංදුම මේ මොහොතට නියමෙටම ගැලපෙනවා.මට ඒක හිතුනා,නෙවෙයි දැනුනා..

හීනවල මිස හිනාවක හැඩ නොදුටු මගෙ රෝස කුමරියේ..

ඇත්ත ටම මට එවෙලේ,සිරිසේන කලින් තුහින ගැන කියාපුවා,මතක් වුනා,හීනෙකින් ඇරෙන්න මේ අහිංසකයා ඇත්ත ටම හිනාවුන දවසක් ඇත්ද? මට පුලුවන් නම් උබේ හිනාවට හේතුව වෙන්න සත්තමයි මං ඒක කරනවා..

මට හිතුනා,ඒ හඩ අහන් ඉන්න තව තව ආස හිතෙන හඩක්,හරියටම කිව්වොත් මායාවක්..

එක එක්කෙනාගෙ සිංදු තුන හතරක්ම කියලා,අන්තිමට එයාට මහන්සියි,ඒත් ඒ මූනේ තිබුනේ හරි අහිංසක හිනාවක්.එයාට ඕනවුනත් නවත්වන්න එයා කලේ හැමතිස්සෙම අනුන් ට ඕන දේ,එයා හුගක් අහිංසකයි නෑ එයා බයයි..ඇත්ත ටම එයා අනෙක් අයට හරි බයයි,එයා ඉදියේ බයකින්.

පොඩි කාලෙ ඉදන්ම වෙච්ච දේවල් වල ප්‍රතිඵල යක් විදියට එයා හුගක් සංවේදි කොල්ලෙක් වෙලා ඉදියා.මේ පැය කීපයට එයා අනෙක් අයට උදව් කරන හැටි,පොඩි බැනුමකටත්,සැර කිරීමටත්,නුරුස්සන බැල්මකටත් එයා මහ හුගක් බය වුනා.ඒ මායාකාර ඇස්වල කදුලු පිරුනා.

ඉතින් ඇත්තටම එයාට කවුරු කොහොම නපුරට සැලකුවත්,හිතේ කිසි කහටක් නැතිව එයා හැමෝටම ආදරේ කලා,රෙස්පෙක්ට් කලා.එයා දේවදූතයෙක්..

"රිතික් මහත්තයා,තේ බොන්න.."

"අහ්..ඔයා අද හුගක් මහන්සි වුනා නේද?"

"හ්ම්ම්..මහත්තයා අද මෙහේ නවතින්නද කල්පනාව?"

තුහින,මට ආයෙම තේ කෝප්පයක් දික් කලා,එයාගේ මූන දැන්නම් හරි මහන්සි පාටයි.කොල්ලා උදේ ඉදන්ම මෙතැන වැඩ වලට උදව් කරනවා.ඒත් එයා එයාගැන බැලුවේ නෑ.

පැය ගානක් තිස්සේ එයායි,මායි මෙතැන ඉදියා,කීපපාරක්ම අපි විටෙන් විට කතා කලා.අනෙක් අය එක්ක එයා අපහසුවෙන් වගේ කතා කලත් මං ලග එයා හරි සැහැල්ලු වකින් ඉදියා.මට ඒක තේරුනේම එයා මං අහන හැම ප්‍රශ්නයකටම ලොකු හුස්මක් එක්ක,හීන් හිනාවකින් උත්තර දෙද්දි.

තුහින අහද්දියි මටත් මතක් වුනේ මාත් කොළඹ යන්න ඕන නේද කියලා?කීප පාරක්ම කාලිංග යන ගමන් ඇහුවත්,මං ඒකට අදිමදි කලා.මට දුක හිතුනා,කියන්න හේතුවක් නොතේරුනත් ඒක දුකක්..

❅තුහිනසර༻ Where stories live. Discover now