Chapter 10 ❄

53 5 1
                                    

රිතික්ගේ තාත්තා ගේ කතාව එක්ක මගේ කට සම්පූර්ණයෙන්ම වැහිලා ගියා...

රිතික්ට මුහුනදෙන්න හිත හදාගන්න අමාරු වුනත් මගේ කටින් නොහිතපු වෙලාවක පැන්න ඒ වචන ටික මට තාම හොදට කතා කරන්න පුලුවන් කියලා ඔප්පු කලා..

"පුතේ...ඔයාට කතා කරන්න පුලුවන් නම්..මගේ දරුවා එක්ක කතා නොකර ඉන්න එපා..මම මගේ ජීවිත කාලෙටම මගේ කොල්ලා ඔහොම වැටිලා ඉන්නවා දැක්කමයි...

ඒ මගේ හයිය පුතේ...මගේ ලොකු කොල්ලා..අම්මත් නැතිව මම පරිස්සමින් ,ආදරෙන් හදා වඩා ගත්තු මගේ දරුවා...

ඒ හිතට කවදාවත් සැනසීමක් තිබුන් නෑ..දරුවො..මගේ කොල්ලා පව් පුතේ...
මම දන්නවා මේ විදියට ඔයාගෙන් ඉල්ලීමක් කරන එක වැරදියි...මාත් එක තාත්තා කෙනෙක්නේ පුතේ...මගේ දරුවෙක් විදවනවා බලන්න මට අමාරුයි..."

ඒ ඇස් වල ලාවට කදුලු පටලයක් බැදෙද්දි මට ඇත්ත ටම දුක හිතුනා මේ මනුස්සයා ගැන...
ඇත්ත...
මොනම තාත්තා කෙනෙක්වත් කැමති නෑ තමන්ගෙ දරුවොන්ගෙ ඇස්වලින් කදුලක් වැටෙනවා දකින්න...ඉතින් රිතික්ගෙ තාත්තා සාදාරණයි ...

"සුදු පුතා..

"හූ...හූ...අප්පච්චිට මාව අල්ලන්න බෑනේ...අම්මා...අම්ම...අප්පච්චි නාකි..වෙලා..."

මම මිදුල පුරාම පොල්කොල රූනෙක් අතේ අරන් දුව දුව ගියා..ඒ යන ගමන් මොකක් හරි බක පන්ඩිත කතාවක් කියන්නත් මම අමතක කලේ නෑ.
තාත්තානම් තාමත් මට අනපු බත් කට අතේ තියාගෙන හතිඅරිනවා...

"දඩාස්...."

වත්ත කෙලවරේ බිම තිබ්බ දර කොටයක හැප්පිලා මම ගෙම්බා පොලේ ගැහුවා වගේ වැටෙද්දි..මගේ ඔලුවයි,දනිස්සයි දැවිල්ල ගත්තා..

වැටුන පාරට මගේ ඇටකටු ටිකත් රිදෙනවා..ඒ මදිවට දනහිසුයි,අතුයි තුවාල වෙලා..
නලල ගෙඩි ගැහිලා..

එහෙන්මම බිම වැතිරගෙන මම තුවාල වේදනා වලට අඩද්දි,අප්පච්චි අතේ තිබ්බ බත් පිගාන එතැනම බිම අතෑරලා මගේ දිහාවට දුවන් ආවා..

"අනේ පුතා...කිව්වා දුවන්න එපා කියලා කෝ එන්න..."

අප්පච්චි මාව දෝතටම උස්සලා අරන් ගෙට යද්දි,මම අප්පච්චි බෙල්ල බදන් ආයෙම අඩන්න පටන් ගත්තා..

❅තුහිනසර༻ Where stories live. Discover now