Chapter 05 ❄

76 5 12
                                    

අද සිට කතාව ලියන style එක වෙනස්..Author pov එකෙන් ලියන්නේ..අවශ්‍ය තැන්වලදි මං character pov එකෙනුත් ලියනවා.පැහැදිලි ව මං ඒ තැන් හදුන්වන්නම්.ස්තූතියි හැමෝටම💞

Thuhina's pov❠

ඊලග තත්පරේම මගේ ඇග මතට ආපු රිතික් ගේ හයියෙන් හුස්ම වැටෙන හඩ මගේ කන් වලට පැහැදිලි ව ඇහුනා වගේම මගේ තොල් වලට ඒ උනුසුම් හුස්ම වැදුනා.

මට වෙන මුකුත්ම හිතාගන්න බැහැ.රිතික්ගේ හීනි ඇස්වල කොන් කේන්තියෙන් රත ගැහිලා,ඒත් ලාවට ඒ ඇස්වල කදුලු වලාවක් තියෙනවා.

Rithik's pov❠

මට කේන්තියි,එයා මගේ ආදරේ,මාව අවිශ්වාස කලා.මං ඉදියේ කේන්තියෙන්..එයා මගේ ඒකපාර්ශ්වික ආදරේ..තුහින මට ආදරෙයි කිව්වත් ඒ සතුට සමරන්න පුලුවන් මානසික මට්ටමක් මට නෑ.ඒ සතුටට වඩා මගේ කේන්තිය ප්‍රබල වෙලා.

❃❃❃❃❃❃

(Author pov...)

රිතික්ගේ කේන්තියට තුහින මුලින්ම පුදුම වුනත්,රිතික් කේන්තියෙන් වෙවුලන හැටි දැක්කම තුහින සීතල වෙලා ගියා බයටම.

"තමුසෙ මට ආදරෙයිද..?"

රිතික් ඇහුවේ දැඩි,ගැඹුරු හඩකින්.තුහින ගොලු වෙලාම ගියා ඒකටනම්..කොල්ලට හීන් දාඩිය දාන්න පටන් ගත්තා.ඒත් රිතික්ගේ දැඩි බැල්ම මොහොතක ටවත් වෙනස් වුන් නෑ.

"තමුසේ....මට ....ආදරෙයිද...කියනවා.."

රිතික් ආයෙම වචනයෙන් වචනය බර කරලා,තුහිනගේ ඉනේ පැත්තක් රිදෙන්නම තදින් මිරිකන ගමන් ආයෙම ඇහුවා.

තුහිනට ඒ වේදනාව බර වැඩියි,ඉනෙන් දැනෙන වේදනාව වගේම එයාගෙ හිතත් දැන් හොදටෝම රිදිලයි තියෙන්නේ.

"ආ...හ්හ්හ්හ්..රිදෙ..නවා..."

තුහින,තමන්ගේ ඉනේ තිබ්බ රිතික්ගේ අත හයියෙන් අල්ලන ගමන් එහෙට මෙහෙට ඇබරුනා.එයාගෙ ඇස්වල කදුලු පිරුනා.කොච්චර දැගලුවත් රිතික්ගෙ දේහදාරි සිරුර එක්ක ගැටෙන්න තුහිනට බෑ.

"දැගලුවට වැඩක් නෑ..මැනිකේ..කියපන්..මාව මාරයා නොකර..උබ මට ආදරෙයිද ?"

රිතික්ගෙ සීතල හඩ කාමරේ පුරාම රැව් දෙද්දි,බයටම තුහින කන් දෙක වහගත්තා.

❅තුහිනසර༻ Where stories live. Discover now