24

365 44 9
                                    

" අද රෑට මගෙම වෙන්න ලෑස්ති වෙන්න සුදු මැණික....ම්ම්ම්ම්. "


මොකක්ද දෙයියනේ තේව් ඒ කිව්වෙ.  මම තේව් දිහා පුදුම වෙලා වගෙ බලාගෙන ඉද්දි එයා මට ඇහැකුත් ගහගෙන කුස්සියෙන් එළියට ගියා. ඒයා මූණෙ තනිකරම තිබුනෙ හරි නසරානි හිනාවක්. එතකොට අද අපි ඒක කරනවා කියලද තේව් ඒ කිව්වෙ. ඒ කියන්නෙ අද රෑට මම එයාගෙම වෙනවද. දෙයියෙනේ. තේව් ඇත්තටම ද ඒක කිව්වෙ . මට දැනුනෙ මගෙ ඇගම ගිනි ගන්නවා වගේ. එයාගෙම වෙන්න ලොකු කැමැත්තක් ආසාවක් තිබුනත් මට හිතාගන්න බෑ ඒකට react කරන්නෙ කොහොමද කියලා. මට ලැජ්ජයි වගේ අනේව්.. සමහර විට තේව් මාව අවුස්සන්න කියන්න ඇත්තෙ . ඔව් ඔව් එහෙම වෙන්න ඇති.

තේව් කියන දේවල් ගැන හිතන්න ගියොත් අද මට උයාගන්න වෙන්නෙ නැති නිසාම මම ආයෙම උයන එකට අවදානය දුන්නා. ම්ම්ම් ගෝවා තියනවා. ගෝවා තෙල් දාලා, පරිප්පුවක් හදමු.මේ වෙලාවෙ හැටියට ලේසි පහසුයි. වෙන මුකුත් හදන්න ගියොත් තව වෙලා යනවා නෙ. තව මදි පාඩුවට සොසේජස් කරල් තුන හතරක් බැද්දා නම් හරි. නැත්තම් අපෙ මිනියට කෑම එක ගිලෙන එකකුත් නෑ. ඔය බූරු පැටියට අනිවාරෙන් මසක් මාළුවක් ඕනෙ නැත්තම් කැවෙන්නෙ නෑ.

.

.

.

කොහොමින් කොහොම හරි විනාඩි හතලිස් පහක් විතර අරගෙන කෑම ටික හදලා ඉවර කරගන්න පුලුවන් උනා. අතරින් පතර තේව් ඇවිල්ලා උදව් කරන මුවාවෙන් මගෙ වැඩ වැඩි කරපු නිසා ගහලා පැන්නුවා ආයෙ කුස්සිය පැත්ත පලාතට එන්න එපා කියලා. නැත්තම් මට උයාගන්න වෙන්නෙත් නෑ. චන්ඩියා වගේ හිටියට තාම පරිප්පුවක්වත් හදාගන්න බෑ. කට විතරයි ඕකගෙ.  

දැන් නම් කුස්සියෙන් එළියට දැම්මා කියලා මාත් එක්ක තරහා වෙලා tv එක ඉස්සරහට වෙලා ඇස් කටේ දාගෙන මොකක්ද මැච් එකක් බලනවා.



" තේව් එන්න කමූ.... කෑම ලැස්තීයි.. කෑම ටික මේසෙන් තියන්න ද"


" එපා එපා බම් බොරුවට මහන්සි වෙන්න. ඔය පිගානට බෙදලා ගන්න. අපි දෙන්නා විතරනෙ."


එයා එහෙම කිව්ව නිසා මම එයාට බත් එකකුත් බෙදාගෙන අරගෙන ගියෙ tv එක ලගට.  ලගට ආවා කියලා ගානකුත් නෑ හොදට මැච් එක බලනවා.


"ආයු"  Ongoing Where stories live. Discover now