42

265 63 29
                                    

" Mr. සමරවීර.." *

( බබාලා ඔයාලට සමරවීරව මතක නැත්තම් 26 කොටස ආයෙත් පොඩ්ඩක් කියවලා බලන්න. )

සමරවීර. ඔව් දෙයියනේ මේ ඒ සමරවීර කියන මිනිහා තමා. ඒ කාලෙ අපෙ business partner කෙනෙක්. මේ මිනිහා ඒ කාලෙ ඉදලා කරේම මාව ඇස් වලින් දූෂණය කරපු එකනෙ. එහෙම එකේ කොහොම අමතක වෙන්න ද දෙයියනේ. මම මේ මනුස්සයත් එක්ක වැඩ කරපු හැමදාම මේ මිනිහා කරේ ඒක. පුලුවන් තරම් එහෙන් මෙහෙන් අල්ලන්න අත ගාන්න තමා මේ මිනිහා හැදුවෙ. මට හොදට මතකයි මම පුලුවන් තරම් මේ මිනිහගෙන් බේරිලා ඉන්න try කරපු විදිහ. පුදුම වදයක් දුන්නෙ ඒ කාලෙ. මම හිතන්නෙ මෙ මිනිහට අවුරුදු පනහක් විතර ඇති. තට්ටෙත් පෑදිගෙන එන ගමන් තිබුනා වගේම අඩු පාඩුවට තඩි බඩකුත් තිබුනා මේ නාකියට.

එතකොට මෙයා මොකද මෙහෙ කරන්නෙ. ඒකත් මේ රෑ. අනික මම මෙහෙ ඉන්නවා කියලා එයා දන්නෙ කොහොමද. අනිවාරෙන් මම මෙහෙ ඉන්නවා කියලා දැන ගෙන ආපු ගමනක් තමා මේක. මට දැනුනෙ ලොකුම ලොකු බයක්. මායි දරුවයි විතරයි ගෙදර ඉන්නෙ. හදිස්සියට ෆෝන් එක දැම්ම තැනක් මතක් වෙන්නෙත් නෑ අප්පා. හොද වෙලාවට හැබැයි කේනුගෙ කාමරේ දොර වහලා ආවෙ. සද්දෙ ඇහෙන්නෙ නැති නිසා බය වෙන්න දෙයක් නෑ.

"මොකක් ද මිස්ටර් වෙන්න ඕනෙ. "

" ඔහ් Mr. අයුක්ෂට මාව මතක නැද්ද ආ.. අපි business friendලනෙ. "

මට ඕනෙ උනෙ මේ මිනිහව ඉක්මනට මෙතනින් යවා ගන්න. ඒක නිසාම වෙන්න ඕනෙ මොනාද කියලා ඇහුවත් ඒ මිනිහා කරේ ඇවිල්ලා අත් දෙකත් පපුවට බැදගෙන දොරේ උළුවස්සට හේත්තු වෙන ගමන් එයාව මතක නැද්ද අහපු එක. කොහොම අමතක වෙන්නද මේ ජරා ඇස්. කියන්න හිතුනත් මම කට වහගෙන හිටියෙ තනියම ඉන්න වෙලාවෙ මේ වගෙ මිනිස්සුන්ව අවුස්ස ගන්න හොද නැති නිසා. මේ මිනිහා මගෙ දිහා බලාගෙන ඉන්න විදිහට බය හිතෙනවා. මට තේරෙනවා ඒ ජරා ඇස් මගෙ ඇග පුරාම යනවා කියන එක. වයසට ගිහිල්ලාවත් පාඩුවෙ ඉන්න බෑනෙ මුන්ට.


" දැන් මම  business වලින් අයින් වෙලා ඉන්නෙ mr. සමරවීර. මොකක් හරි උවමනාවක් තියනවා නම් කියන්න.."

" අමතකයි වගේ හිටියට මාව තාම මතකයි නේද.. ම්ම්ම් කමක් නෑ. කමක් නෑ. අනික ඔහොම ද ගෙදරට ආපු මනුස්සයෙක්ට සලකන්නෙ ආ. ගේ ඇතුලට එන්න කියන්නෙවත් නැද්ද. Business වලින් අයින් උනාට මොකද අපිට ටිකක් ආශ්‍රය කරන්න පුලුවන් නේ. "

"ආයු"  Ongoing Where stories live. Discover now