09

384 49 29
                                    

මම දැක්කෙ සුදු ලස්සන කෙල්ලෙක්  හිනා වෙවී තේව්ගෙ අතේ එල්ලිලා gate එකෙන් එලියට එනවා. තේව්ත් ඒ කෙල්ලත් එක්ක හිනා වෙවී කතා කර කර ආවෙ කිසිම අකමැත්තක් නැ වගෙ.

සමහර විට මම බොරුවට කලබල උනාට ඒ දෙන්නා යාලුවෝ වෙන්න ඇති. ඒකනෙ තේව් උනත් පාඩුවෙ ඉන්නෙ. හොදම යාලුවෝ උනාම එහෙම තමා. අනික රනිශ්ක එහෙමත් ඉන්නෙ අර. හැබැයි මට කලින් එහෙම යාලුවෙක් ගැන කියලා නෑනෙ එයා. නැ නැ එයාට අමතක වෙන්න ඇති මට කියන්න. අනික එහෙම කියන්න තරම් ලොකු දේකුත් නෙවෙයි නෙ. මම බොරුවට කලබල නොවී හිටියා නම් හරි. 

මම මගෙ හිතත් එක්ක තර්ක කර කර බලාගෙන හිටියෙ තේව් දිහා එයා තාම මාව දැක්කෙ නැ. අනික මම mask එකක් දාගෙන ඉන්න නිසා එයාට අදුර ගන්න බැරි වෙන්න ඇති මාව. එයා gate එකට පොඩ්ඩක් එහායින් නැවතිලා යාලුවෝ එක්ක කතාවක්. තාමත් අර කෙල්ල තේව්ගෙ ඇගෙ එල්ලිලා ඉන්නවා දැක්කත්  මම ඒක ගණන් ගන්නෙ නැතුව ඉන්න උපරිම try කරේ තේව් ව මට විශ්වාස නිසා.

" ඒ උබලා දෙන්නා නම් මරු කපල් එක බං. මාර matching ආ."

" ඔව් කේත් ආ උබට දිනුල්‍යා තරම් මැච් වෙන කෙනෙක් නැ බං වෙන."

" perfect couple එකක් තමා ඉතින්. ඉක්මනට wedding cake කන්න පුලුවන් වෙයි වගෙ. "

" කොහොමත් නිකේත් මගෙ තමා"

මම ඉතින් හිමීට එයා ඉන්න පැත්තට ඇවිදගෙන ගියෙ එයා තාම මම ආවා කියලා දන්නෙ නැති නිසා. ඒත් එයාලා ලගට ලං වෙනකොට එයාගෙ යාලුවෝ කියපු දේවල් නිසා මම ඉබේම එක තැන නතර උනා. මට ඒ දෙන්න්ව පෙනුනට තාම තේව් මාව දැක්කෙ නැ. අර කෙල්ල මූණත් අත් දෙකෙන් වහගෙන බොරුවට හුරතල් වෙවී අන්තිමට කිව්ව දේ නිසා මගෙ ඉවසීමේ සීමාව පැන්නුවා.මට දැනුනෙ ලොකු තරහක්. තේව් උනත් එ කිව්ව දේවල් වලට මුකුත් කිව්වෙ නැති නිසා මගෙ තරහා තවත් වැඩි උනා. තේව් මගෙ විතරයි කොහෙවත් යන එක එක අංගනාවියොන්ගෙ නෙවෙයි.

මම ඉක්මනට තේව් ලගට ගිහිල්ලා ඒ කෙල්ලව තල්ලු කරලා දාලා මම තේව්ගෙ අතෙ එල්ලුනෙ  මට ආපු කේන්තියටමයි. මට තේව්ව විශ්වාසයි ඒත් අනිත් අයට මගෙ අයිතිය පෙන්නන්නයි මට ඕනෙ උනේ. එක පාරටම සිද්ද උන දේ නිසා ඒ කෙල්ලත් තේව්ගෙ අතින් ගැලවිලා බිමට වැටුනෙ මට කට කොනින් හිනාවක් යනකොට. ඒ කෙල්ල එක පාරටම අඩන්න පටන් ගත්තෙ අවදානෙ ඕනෙ වෙලා කියලමයි මට නම් හිතුනෙ. හනෙ අපි නම් රැවටෙයි ඕවට. එතන හිටපු කෙල්ලෙක් ඉක්මනට ඒකිව නැගිට්ටවලා ඇගට වාරු කර ගත්තේ. ඒත් ඒ මෝඩ බැ#@@ අඩනකොට. මම ඇස් කොනින් දැක්කා තේව් මම දිහා පුදුම වෙලා වගෙ බලාගෙන ඉන්නවා.

"ආයු"  Ongoing Where stories live. Discover now