මේ දකුණු කොරියාවේ බූසාන් වල පිහිටා ඇති දේග්වන් උසස් පාසල.
උදෑසන අටට පාසල ආරම්භ වීමට ආසන්න මොහොතේ ළමුන් කෑකෝගහමින් යහළුවන් සමඟ උකුළු මුකුළු කරමින් තම තමන්ගෙ පංති කාමර වලට ඇදෙමින් හිටියා.
එවන් වූ වාතාවරණයක් මැද ආරම්භ වූ පාසලේ ප්‍රථම වසරේ එක් පංතියක නම් ගුරුතුමිය එන්නටත් කලින් මොකද්දෝ ලොකු කෑගැසීමක්.
"ජියොන් ජන්ග්කුක්!!"
"ජියොන් ජන්ග්කුක්!!"
"ජියොන් ජන්ග්කුක්!!"
ළමුන් ඒ විදිහට ප්‍රීතිගෝෂා කරමින් ඒ තාලෙට මේසෙට ගහමින් වට වුනේ ඒ අදාළ නම හිමි පිරිමි ළමයා වටා. එයා නම් ලොකු ආඩම්බරයකින් එයා වටා එකතු වන ළමයි දිහා එයාගෙ මේසෙ වාඩි වෙලා බලා හිඳියා.
"ජියොන් ජන්ග්කුක්!!"
"ජියොන් ජන්ග්කුක්!!"
"හෝව් හෝව් දැන් ඇති!"
එහෙම කියලා කෑගහන ළමුන් පිරිසව නැවැත්තුවෙ තව පිරිමි ළමයෙක්. එයා හැමෝගෙම අවධානය එයාට යොමු වුනාම එක් අතක් මයික්‍රොෆෝනයක් ලෙස මිට මොළවා මවා පාමින් උගුර පෑදුවා.
"හොඳයි අද හැමෝම දැනගන්න බලාපොරොත්තු වෙන ඒ වීරක්‍රියාව ගැන අපි දැන් එයාගෙන්ම අහමු!!"
"යේඒඒ!!"
හැමෝම ළමයි කෑගහද්දි මේ ජියොන් ජන්ග්කුක් නම් පිරිමි ළමයා එයාගෙ බනී හිනාවෙන් හයියෙන් හිනාවුනා.
"හොඳයි අපේ ජියොන් ජන්ග්කුක්, වයස තාම යන්තම් දාසයයි මාසයි! ඒත් ඔහු කල වීර ක්‍රියාවට වයස අදාළ වුනේම නෑ! පහුගිය රාත්‍රියේ ගිනිගත් රෙස්ටුරන්ට් එකෙන් ළමයකු බේරාගෙන එක් රැයකින් වීරයෙක් වුනු අපේ ජියොන් ජන්ග්කුක්!!"
YOU ARE READING
✨️🔥The Gifonerd 🌱✨️|| (Ongoing - Slow Update)
FantasyGifonerd යනු ස්වභාවධර්මය පාලනය කරනා අග්නි, ජල, වායු, පෘථිවි යන ගෝත්රයන් ජීවත් වන්නා වූ සමාන්තර ලොවකි. එහි ගිෆොනර්ඩ් මායා පාසලේ ඉගෙනුම ලබන පෘථිවි ගෝත්රය හෙවත් Gi ගෝත්රයේ ගී ජන්ග්කුක් තම මනුස්ස ආත්මයේ මරණයට පළිය ගන්නට වෙර දරන උත්සාහයේ ප්රථිපලයක්...