03

526 123 193
                                    

ප්‍රධාන මාළිගයේ මැද අංගනය තුළ තිබුනේ දැඩි නිශ්ශබ්දතාවයක්. සිව් ගෝත්‍රයන්ගේ නායකන් පෙළගැසී හිටියා වගේම ඉදිරියෙන්ම සිටි පෘථිවි මාතාවගේ දරඳඩු දෑස් දැන් එයාලා ඉදිරියේ වරදකාරී හැඟීමෙන් බිම බලන් ඉන්න ජන්ග්කුක්ටම යොමු වී තිබුනා. ඒත් ජන්ග්කුක් හිටියෙ තනියම නෙමෙයි, එයාට එහා පැත්තෙ ටේහ්‍යුන් හිටියේ යටි හිතින් හිනාවෙමින්.

"මෙහෙයුමක් අතරතුරදි නීති කඩකරන එක කොයිතරම් බරපතල දෙයක්ද කියලා ඔයා දන්නෙ නැද්ද ගී ජන්ග්කුක්?"

පෘථිවි මාතාව අහද්දි ජන්ග්කුක් තදින් යටිතොල හපාගත්‍තා.

ඒ එයාගෙ මෝඩකම, දැනගෙන හිටියා නම් මෙහෙයුමක් අතරතුරදි මිනිසුන් ගැවසෙන පිටත නගරවලට යන්න තහනම් කියලා ජන්ග්කුක් ඒ නීති කඩ කරන්නෙ නෑ කීයටවත්. ඒත් එයාගෙ නොදැනුවත්කමින් ප්‍රයෝජන ගෙන ටේහ්‍යුන් එයාව මේකට අහුකරලා. හිතුවෙ එයාට සත්තුන්ව කවලා විනෝද වෙන එක ටේහ්‍යුන්ගේ අරමුණ කියලා, ඒත් ටේහ්‍යුන් මුල ඉඳන්ම සැලසුම් කරලා තියෙන්නෙ දැන් එයා මේ මුහුණ දීලා ඉන්න තත්ත්වයට එයාව පත් කරන එක.

"මං ඇහුව දේට උත්තර දෙන්න." පෘථිවි මාතාව ආයෙත් කියද්දි ජන්ග්කුක් ගැස්සුනා. කවදාවත් එයා එයාලගෙ ප්‍රධානීතුමියගෙන් මෙහෙම බැනුම් අහලා තිබුනෙ නෑ.

"න්-නෑ, ඇත්තටම මං දැනන් හිටියෙ නෑ මෑණියනි. ට්-ටේහ්‍යුන් තමයි මාව රවට්ටලා එක්කන් ගියේ."

"මොකද්ද? ටේහ්‍යුන්? ඒත් එයා කිව්වෙ ඔයා එයාට යන්නම ඕන කිව්ව නිසා ඔයාව එක්කන් ගියා කියලනෙ? එහෙම නේද?"

ජන්ග්කුක් කේන්තියෙන් දෑස් පියාගෙන ඇස් කොනෙන් ටේහ්‍යුන්ගේ මුහුණ දිහා බැලුවා. ඒ මුහුණෙ ඇඳී තියෙන කෛරාටික හිනාවට එයාගෙ කේන්තිය තව වැඩි වුනා.

ඒත් මොනවා කරන්නද? හරියටම බැලුවොත් එයා කිව්ව නිසා තමයි ටේහ්‍යුන් එයාව එක්කන් ගියේ. ජන්ග්කුක් තදින් දෑස් පියාගත්තා.

"ඔ-ඔව්,"

ජන්ග්කුක් මිමිණුවා.

"ඔයාගෙ වැඩ තහනම් කරනවා, ගී ජන්ග්කුක්. තහනම් කාලයක් නෑ, සදහටම ඔයාව පෘථිවියෙ මෙහෙයුම් වලින් අයින් කරනවා, ඒකයි ඔයාගෙ දඬුවම."

✨️🔥The Gifonerd 🌱✨️|| (Ongoing - Slow Update)  Where stories live. Discover now