05

559 117 280
                                    

ජන්ග්කුක් අපහසුවෙන් කෙළ ගිලලා බලා හිඳියේ ටේහ්‍යුන් එයා දිහා බලන් ඉන්න විදිහ දැකලා. ඊළඟට ටේහ්‍යුන් ජන්ග්කුක් දිහා බලාගෙනම හිමින් හිමින් එයාගේ වටේ කැරකෙද්දි ජන්ග්කුක් සද්ද නැතුවම ඒ විදිහට හිටියා.

"ඔයා හොයන් ආවේ.. මේකද?"

ටේහ්‍යුන් කියලා ඊළඟට එයාගෙ මූණ ඉස්සරහට ඇල්ලුවේ කොළ පැහැ පුංචි බෝතලයක්. ඒත් ඒක ගී ගෝත්‍රයේ මතක මංජුසාවක් බවත් ඒකෙ එයාගෙ නම තියෙන ආකාරයත් දැකලා ජන්ග්කුක්ගේ දෑස් කම්පනයෙන් විශාල වුනා.

ඒ එයාගෙ මතක මංජුසාව.

ටේහ්‍යුන් ජයග්‍රාහීව ජන්ග්කුක් ඉදිරියට ඇවිත් ආයෙත් ඒක හංග ගත්තම ජන්ග්කුක් කලබල වුනා.

"එ-ඒක මට දෙන්න." ජන්ග්කුක් කිව්වත් ටේහ්‍යුන් කලේ හිනාවක් පිටකරපු එක.

"බෑ," ටේහ්‍යුන් කිව්වම ජන්ග්කුක්ගේ දෑස් වෙව්ලුවා.

"ම්-මොනවද මං කරන්න ඕන හහ්? ඔයා කියන ඕනම දෙයක් කරනම් අනේ කරුණාකරලා ඒක මට දෙන්න ටේහ්‍යුන්." ජන්ග්කුක් අයැදුවා. ඒත් ටේහ්‍යුන් නම් ඒකෙන් විනෝද වුන බවක් පෙනුනා.

"කොහොමද ඔයාව විශ්වාස කරන්නෙ? එච්චර මං ඔයාට උදව් කරලත් අර අපතයගෙ පැත්ත ගත්ත කෙනෙක්නෙ ඔයා?"

"ඔයත් වැරදියි!" ජන්ග්කුක් කේන්තියෙන් කෑගැහුවා.

"ඕ~" ටේහ්‍යුන් කියද්දි ජන්ග්කුක් එයාගෙ කේන්තිය පාලනය කරගන්න උත්සාහ කරලා ලොකු හුස්මක් ගත්තා.

"හරි, මොකද්ද මං කරන්න ඕන?" ජන්ග්කුක් ඇහුවම ටේහ්‍යුන් දඟකාර හිනාවක් දැම්මා.

* * * * * * *

ඊළඟ මොහොතේ ජන්ග්කුක් වගේම ටේහ්‍යුන් හිටියෙ මහ දෙවොල පිටුපස ඇති ගල්තලාව මත. හිස බිමට නැඹුරු කරන් හිටපු ජන්ග්කුක් ඊළඟට හිස ඔසවද්දි දැක්කා ගලක් මත වාඩි වෙලා එයාගෙ වටිනා මතක මංජුසාවේ හැඩ බලමින් ඉන්න ටේහ්‍යුන්ව.

ජන්ග්කුක්ට කේන්තියක් දැනුනත් ඊළඟට එයා හුස්මක් හෙළලා ටේහ්‍යුන් ඉල්ලපු දේ කියන්න පටන් ගත්තා.

"මට සමාවෙන්න, මීට පස්සෙ ඔයාගෙන් උදව්වක් ඉල්ලද්දි ඔයා ඉල්ලන දේ කරලා දෙන්නම්. ඔයාගෙ එක්සෑම් එකටත් උදව් කරන්නම්. සේමුන්ට ඔයාගෙන් සමාව ගන්න කියලා කරපු හැම වැරැද්දකටම පූජකවරිය ඉස්සරහා පාපොච්චාරණය කරලා දඬුවම් බාර ගන්නම්."

✨️🔥The Gifonerd 🌱✨️|| (Ongoing - Slow Update)  Where stories live. Discover now