අග්නි ගෝත්‍රයේ ටේහ්‍යුන් ජීවත් වන නිවස තුළින් උදෑසනම අහන්න ලැබුනේ ඉතා උස් හඬින් ගායනයක්. ඒ ටේහ්‍යුන් පිරිසිදු වෙමින් හිටපු බාත්රූම් එකෙන්.
සබන් පෙණ පුරෝපු බාත් ටබ් එකේ බැහැගෙන එයා දෑස් පියාගෙන හයියෙන් සිංදුවක් කියන ගමන් අතින් ගිනි දළු නිර්මාණය කරමින් ඒ මොහොත වින්දා.
එයාගෙ පුංචි සුරදූතයත් ටේහ්‍යුන්ගේ මේ වැඩ වලට එක්වෙමින් තව තවත් සබන් පෙණ ටේහ්‍යුන්ගේ ඔලුවෙත් මූණෙත් තැවරුවා.
මේ මොහොතෙයි දෙන්නගෙම මොහොතට බාදාවක් වෙමින් බාත්රූම් එකේ දොරට කෙනෙක් හයියෙන් ගහමින් කෙනෙක් කෑගැහුවේ.
"යා ටේහ්‍යුනා! මට පරක්කු වෙනවා ඉක්මනින් එනවකො එළියට!"
ඒ ටේහ්‍යුන්ගේ අයියා යුන්ගි.
"හරේ!"
කිව්ව ටේහ්‍යුන් සිනහවෙමින් තව ගිනි බෝලයක් අතෙන් මවා වතුර එකට දැම්මම වතුර තව උනුසුම් වුනා. ටේහ්‍යුන් සැනසීමෙන් දෑස් පියාගත්තා.
"වාහ්~ සනීපයි."
කොහොමහරි අන්තිමට ටේහ්‍යුන් එළියට ඇවිත් පාසල් යන්න සූදානම් වුනා.
"හියොන්, අදත් පෘථිවියට යනවද?"
ටේහ්‍යුන් ඇහුවේ කෑම මේසෙන් වාඩි වෙමින්.
"ඔව්, දැන් නිවාඩු නැතුව පෘථිවියෙ රාජකාරි මට. මේ දවස් වල එහෙ ග්‍රීෂ්ම කාලෙ නිසා අපිට තියෙන රාජකාරි වැඩියි."
යුන්ගි කිව්වෙත් ලෑස්ති වෙලා ඇවිත් කෑම මේසෙන් වාඩි වෙන ගමන්.
"ඉතින් අද නිවාඩු දවසක් වෙලත් ඔයා මොකද ඉස්කෝලෙ යන්නෙ?"
"ඔහ්! විවිධ ප්‍රසංගයක් තියෙනවා, එකේ අපේ අග්නි කොල්ලො එක්ක සිංදුවකට ඉන්නවා මං. ඒක ප්‍රැක්ටිස් වෙන්න යන්නෙ."
"ඕ~"
යුන්ගි කියලා කන්න පටන් ගත්තා.
"ඒක නෙමෙයි, ඊළඟ මිශන් එකට පෘථිවියට යන්න ලෑස්ති වෙලා ඉන්න. හැම ගෝත්‍රයකම පුහුණු වෙන අයගෙන් බලවත් අය මේ වතාවෙ මිශන් එකට එක්ක යන්නයි හදන්නෙ. අග්නි පියතුමා කිව්වා ඒකට ඔයාවම මේ වතාවෙ එක්කන් යන්න කියලා."
YOU ARE READING
✨️🔥The Gifonerd 🌱✨️|| (Ongoing - Slow Update)
FantasyGifonerd යනු ස්වභාවධර්මය පාලනය කරනා අග්නි, ජල, වායු, පෘථිවි යන ගෝත්රයන් ජීවත් වන්නා වූ සමාන්තර ලොවකි. එහි ගිෆොනර්ඩ් මායා පාසලේ ඉගෙනුම ලබන පෘථිවි ගෝත්රය හෙවත් Gi ගෝත්‍රයේ ගී ජන්ග්කුක් තම මනුස්ස ආත්මයේ මරණයට පළිය ගන්නට වෙර දරන උත්සාහයේ ප්රථිපලයක්...