"ම්-මොකද එයාට උනේ?"
පෘථිවි මාතාව ඇහුවේ ජන්ග්කුක්ට ප්‍රතිකාර කර අවසන් කරපු පූජකවරියගෙන්.
"ආයෙත් මව් වෘක්ෂයෙන් ශක්තිය දුන්නා. හිතුවට වඩා එයාගෙ අභ්‍යන්තර හානිය වැඩියි. අපි දැන් හැමදේටම කලින් ජන්ග්කුක් පුතාව හොඳ කරන එකට අවධානය දෙන්න ඕන ජියන්."
පූජකවරිය පෘථිවි මාතාවට කියනවා එළියෙ ඉන්න ටේහ්‍යුන්ට ඇහුනා.
ටිකකින් දොර ඇරිලා විද්‍යාමාන වුනේ පෘථිවි මාතාව. ටේහ්‍යුන් ඉන්නවා දැකලා එයා හුස්මක් හෙළුවා.
"ජන්ග්කුක්ව දාසල් කැළයට අරන් යන්න ටේහ්‍යුන්. මේ හැමදේම හරියනකන් එයාව හංගගෙන තියන් ඉමු. එයා ළඟින්ම ඉන්න හ්ම්ම්?"
පෘථිවි මාතාව කියලා යන්න හැදුවත්,
"ඔම්මා."
ටේහ්‍යුන්ගේ ඇමතීම එක්ක එයා නැවතුනා. ටේහ්‍යුන් අපහසුවෙන් කෙළ ගිල්ලා.
"එයාට රිද්දන එක නවත්තන්න." ටේහ්‍යුන් කිව්වම පෘථිවි මාතාව දුකින් වෙනතක් බලාගත්තා.
"පුතා මම-"
"එයා මට කිව්වා, එයාට ලැබුනු නරකම මතකය ඔයාගෙ අතින් මැරුණ එක කියලා. හේතුවක් තියෙන්න පුළුවන් ඒත්, තව නම් එයාට රිද්දන්න එපා ඔම්මා. සිද්ද වුනු කිසිම දේක වැරැද්දක් එයා අතේ නෑ. මේ හැමදේටම හේතුව ඔයා. ඒ නිසා, ඉස්සරහට මොන දේවල් සිද්ද වුනත් එයාට එයා ගැන වරදක් දැනෙන්න ඉඩ තියන්න එපා. එයා දැනටම හිතින් බිඳිලා ඉන්නෙ.
එකම එක ඉල්ලීමක් තියෙනවා. එයා සම්පූර්ණයෙන් හොඳ වෙනකන් එයාට ඇහෙන්න මේ ගැන කතා කරන්නවත් එපා."
ටේහ්‍යුන් කිව්වම අපහසුවෙන් කෙළ ගිල්ල පෘථිවි මාතාව යන්තම් හිනාවෙලා හිස වැනුවා.
"ඒ විදිහටම කරන්නම්. මං වෙනුවෙන් එයාව බලාගන්න." පෘථිවි මාතාව කිව්වම ටේහ්‍යුන් හිස වැනුවා.
"මං එයාව හොඳට බලාගන්නම්,
එයා වෙනුවෙන්."
* * * * * * * *
මේ ඊළඟ දවසෙ උදෑසන.
ජනේලෙන් වැටෙන අරුණාලෝකයට දිලෙන ඒ නිදිබර මුහුණ දිහා ටේහ්‍යුන් දැන් සෑහෙන්න වෙලාවක් තිස්සෙ බලා හිඳියා.
YOU ARE READING
✨️🔥The Gifonerd 🌱✨️|| (Ongoing - Slow Update)
FantasíaGifonerd යනු ස්වභාවධර්මය පාලනය කරනා අග්නි, ජල, වායු, පෘථිවි යන ගෝත්‍රයන් ජීවත් වන්නා වූ සමාන්තර ලොවකි. එහි ගිෆොනර්ඩ් මායා පාසලේ ඉගෙනුම ලබන පෘථිවි ගෝත්‍රය හෙවත් Gi ගෝත්‍රයේ ගී ජන්ග්කුක් තම මනුස්ස ආත්මයේ මරණයට පළිය ගන්නට වෙර දරන උත්සාහයේ ප්‍රථිපලයක්...