වසරකට පසු
මේ ගිෆොනර්ඩ් මායා ලෝකය. මායා ලොවක් වුනත් එහෙ පෘථිවියට වඩා ලොකු වෙනසක් තිබුනෙ නැහැ. තිබුනු එකම වෙනස එහෙ ජීවත් වෙන අය වගේම එයාලගෙ පැවැත්ම.
පෘථිවියෙ වගේම එයාලා සාමාන්‍ය ආකාරයට ජීවත් වුනා. බඩගිනි වුනහම ආහාර ගත්තා, නිදාගන්න ඕන වෙලාවට නිදා ගත්තා. පෘථිවියෙ වගේම එයාලා රැකියාවන් කලා. හැබැයි එයාලගෙ එකම වගේම ප්‍රධාන රැකියාව පෘථිවියෙ සමතුලිතතාවය රැක ගැනීම. වැඩිහිටියන් ඒ සඳහා කැපවුනා වගේම ළමුන් ඒ සඳහා පුහුණු වුනා.
ඒ ගිෆොනර්ඩ් මායා පාසලෙන්.
පෘථිවියෙ වගේම ගිෆොනර්ඩ් වලත් කුඩා ළමුන් ප්‍රාථමික පාසල් අධ්‍යාපනය ලැබුවේ, තරුණ ළමුන් උසස් අධ්‍යාපනය ලැබුවේ මේ මායා පාසලෙන්. හැබැයි ඒ පාසල් වල උගන්නන්නෙ සාමාන්‍ය විශයන් නෙවෙයි. සිව් ගෝත්‍රයන් පාලනය කරන මෙලොව ස්වභාවධර්මයේ න්‍යායන් එයාලා ඉගෙන ගත්තා, තමන්ගෙ බලයන් ප්‍රායෝගිකව සිව් ලෝක ධාතූන් පවත්වාගෙන යන්න භාවිතා කරන ආකාර ඉගෙන ගත්තා.
මේ සියලු ප්‍රාථමික, ද්විතීයික, උසස් අධ්‍යාපනයන් ළමුන් හැදෑරුවෙ ගිෆොනර්ඩ් මායා පාසලේ.
ඉතින් මේ මොහොතේ ඒකෙ උසස් පාසලේ දෙවන වසර සිසුන්ගේ ප්‍රායෝගික ක්‍රියාකාරකමක් පැවැත්වුනා වගේම ගිෆොනර්ඩ් වල විශාලම කැලය වන 'දාසල්' කැළයේ පැතිරෙන ලැව් ගින්න පාලනය කිරීමයි එයාලට තිබුනු ක්‍රියාකාරකම.
"හැමෝම එකට යමු!"
ඒ ජන්ග්කුක්.
හැම ගෝත්‍රයකම සාමාජිකයෙකුගෙන් සමන්විත කණ්ඩායම් තිබුනා වගේම ජන්ග්කුක් එයාගෙ කණ්ඩායමේ අයට එහෙම කෑගැහුවේ ලැව්ගින්න තිබෙන දිශාවට වේගෙන් දිව යමින්.
YOU ARE READING
✨️🔥The Gifonerd 🌱✨️|| (Ongoing - Slow Update)
FantasyGifonerd යනු ස්වභාවධර්මය පාලනය කරනා අග්නි, ජල, වායු, පෘථිවි යන ගෝත්‍රයන් ජීවත් වන්නා වූ සමාන්තර ලොවකි. එහි ගිෆොනර්ඩ් මායා පාසලේ ඉගෙනුම ලබන පෘථිවි ගෝත්‍රය හෙවත් Gi ගෝත්‍රයේ ගී ජන්ග්කුක් තම මනුස්ස ආත්මයේ මරණයට පළිය ගන්නට වෙර දරන උත්සාහයේ ප්‍රථිපලයක්...