04

555 130 221
                                    

කෑම කාමරේ මේසෙ ඉඳන් කම්මුලට අතකුත් ගහන් ජන්ග්කුක් බලා හිඳියේ ජේඩි හතර වටේ කැරකෙමින් උද්‍යෝගයෙන් ස්ට්‍රෝබෙරි චොක්ලට් කේක් එක හදන දිහා.

දැනටම එක් පැත්තක බැටර් එක විස්ක් එකෙන් ඉබේ කලවම් වෙන අතරේ තවත් තැනක ඉබේම ජේඩිගෙ මායා බලයෙන් තනිවම අයිසින් හදමින් හිටියා.

සේරම අවසානයේ ජේඩි ලස්සන හුරුබුහුටි කේක් එක වටේම කැරකෙමින් එයාගෙ මායා කුඩු විසි කරමින් කේක් එක සරසා අවසන් කලා. ඒත් කේක් එක උඩින් ලස්සනට රෝස පාටින් හාට් එකක් අදිනවා දැකලා ජන්ග්කුක් ඇස් දෙක ලොකු කරගත්‍තා.

"ඒයි හාට් දාන්නෙ මොකද ආ? ඒක අයින් කරන්න ජේඩි."

ඒත් ජන්ග්කුක් කියලා අවසන් වෙන්න කලින් ජේඩි ඒක කරලා ඉවරයි. ජන්ග්කුක් ඇස් දෙක රෝල් කරලා හුස්මක් හෙළුවා.

ඊළඟට ලස්සනට පැක් කරපු කේක් පෙට්ටියත් අරන් ජන්ග්කුක් පෘථිවි ගෝත්‍ර ගම්මානය මැදින් අග්නි ගෝත්‍ර ගම්මානයට පයින්ම පිටත් වුනා.

ජන්ග්කුක් එයාගෙ මුහුණට වැදෙන නැවුම් හිරු එළිය විඳිමින් සතුටින් ගම්මානය මැදින් ගමන් කලේ හමුවන අයට සුභ උදෑසනක් පතමින්. අද සෙනසුරාදා උදෑසනක් නිසා ගොඩ දෙනෙක් තමන්ගෙ සති අන්තය ගෙවල් වලම ගත කලා.

පුංචි පුංචි ළමයි දැනටම පාරෙ දුවිලි අව්ස්සමින් එයාලගෙ පුංචි බලයන්ගෙන් වැලි විසික් කරමින් විනෝද වෙමින් හිටියා.

මේ මොහොතේ එයා දිහාවට වේගෙන් ඇදී ආ පස් ගොඩක් ජන්ග්කුක් එයාගෙ බලයෙන් ක්ෂණිකයෙන් නවත්තගත්තාම ඒක එව්ව ළමයි හිටි තැන ගල් වී බයෙන් බලා හිඳියා.

ඒත් කටකොනකින් හිනාවක් දාපු ජන්ග්කුක් තනි අතින්ම බලය පාවිච්චි කරලා පස් වලින් බෝලයක් හදලා වටයක් කැරකිලා වැර යොදා විසි කරහම ළමයි සතුටින් උඩපනිමින් කෑගැහුවා.

"ගුකී! ගුකී! තව එකක්!"

ළමයි කෑගහමින් උඩ පැන්නේ ජන්ග්කුක්ව සිනහාගස්සමින්.

"බෑ ගයිස්, ගුකීට ඉක්මනින් යන්න ඕන. බායි!!"

ජන්ග්කුක් ළමයින්ට අත වනා දුවලා ගියා.

✨️🔥The Gifonerd 🌱✨️|| (Ongoing - Slow Update)  Where stories live. Discover now