ප්‍රින්සිපල් සර්ව හම්බෙලා මට sport club එක ගාවට යන්න කියලා කිව්ව නිසා මං මෙතනට ආවේ head prefect වයි ක්‍රීඩා බාර සර්වයි හම්බෙලා කතා කරලා යන්න කිව්ව නිසා. මං o/ls වෙනකම් ගියේ අසෝකෙට A/ls වලට ds එකට එන්න මට පොඩි කාලේ ඉදන් ආසාවක් තිබුනා. මං හිතන්නේ ඒ cricket නිසා වෙන්නැති. හෙට ඉදන් කොහොමත් A/ls school semester එක පටන් ගන්නවා, ඒත් මට අද ඇවිල්ලා cricket coach ව හම්බෙලා යන්න කිව්ව නිසා මං අද ආවා. මං ඇවිල්ලා මෙතන ටිකක් වෙලා ඉන්නකොට ඈතින් අයියලා හතර දෙනෙක් එනවා මම දැක්කා. ඈත තියාම මට අදුන ගන්න බැරි උනත් මට ලං වෙද්දී ඒ එන්නෙ මහ රජ ඇතුලු සෙන්පති පුරවර කියලා මට තේරුනේ පපුවෙ ගහලා තිබ්බු යකඩ කැල්ල නිසා. මං මෙතනින් personally අදුරන්නෙ නවිත් අයියව විතර ඒ මොකෝ නවිත් අයියගෙ මල්ලී අපේ වයසේ නිසා ඌ රොටරියෙ ක්ලාස් එනවා. මෙතන ඉන්න අනිත් අය ගැන මම අහලා දැකලා තිබුනට වැඩි විස්තරයක් නම් මම දැනං හිටියේ නෑ , මෙයාලව දැක්කාම මට ඔලුවට ආවෙ එක දෙයයි මං දැනං හිටියෙ නෑ මේකෙ උන් fucking hot & handsome කියලා .. ඒත් එක්කම ඒ අයියලා ටික මං ලගට ආවත් එක්කම නවිත් අයියා මට කතා කරා..
" අඩෝ මල්ලි උබ ඇවිල්ලා ගොඩක් වෙලාද "
"නෑ අයියේ විනාඩි පහක් විතර වෙන්නේ"
" හා හා ශේප් . අවුලක් ගන්න එපා දන්නැද්ද බං උදේට භීෂණේ ඕයි"
"ඒකට කමක් නෑ අයියේ"
"හරි හරි මේ ඉන්නෙ අපේ හෙඩ් ප්‍රිෆෙක්ට් අනුතයා , එතකොට මේ අපේ ගේම්ස් කැපා. මාව ඉතින් උබ දන්නවනේ, මේ අපේ යුවානයාව නම් උබ දැකලා ඇතිනේ ,"
"ආහ් ඔව් අයියේ" කියනවත් එක්කම හෙඩා මට කතා කරා"
"හරි මල්ලි උබ කෝච්ව හම්බුනාද, කොහොමත් උබට අපේ මතීෂ එක්ක අපිට වැඩිය connection එකක් තියා ගන්න වෙයි මූ ගේම්ස් කැපානෙ"
අනුත් අයියා මට එහෙම කියපු නිසා ඔය ගේම්ස් කැපා කියන රා පෙවිච්ව කණ්ඩුල ඇතා වගේ ඉන්න හාදයා දිහා බැලුවා. මතීෂලු නම" හැබැයි කොල්ලා ලස්සනයි ඒ උනට මහ සක්කිලි පෙනුමක් තියෙන්නේ කැරියට හිනා කදුලක් නෑ . මං මතීෂ දිහා බලනවත් එක්කම අමෝ අමෝ සෙන්පති මතීෂත් මං දිහා බලාගෙන ඉන්නවා දැක්ක නිසා මං හිනා උනත් මූ නෙවෙයි හිනා උනේ..මෙන්න මෙන්න මූ මට කතා කරනවා