"හරිනේ එහෙනම් යමන් , මතියා උබ මූත් එක්ක ක්ලාස් ඉවර උනාම වරෙන් ඈ, මට කෝලක් ගහපන්. ලොකේශන් දාන්නම් මම"
"හරි හරි පරිස්සමින් පලයන් උබලා දෙන්නා. නවිත් හදිස්සියක් උනොත් කෝලක් දාන්නම්."
"හරි අපි කැපුනා, යුවාන් නැගපන්"
"ඒ යුවාන් .. best of luck ඈ ."
නවිත් කෑ ගහලා එහෙම කියද්දි මම පොඩි හිනාවක් ආවත් යටි තොල විකන් හිනාව control කරගෙන මම ඌට රැව්වා. අනුත්ට අද බයික් එක ඩ්‍රයිව් කරන්න ඕනි කිව්ව නිසා ඌට බයික් එක දීලා මම පිටිපස්සෙන් වාඩි උනා. අද chemistry extra class එකක් තියෙනවා අපිට. තුනට පටන් ගත්තාම 5 :30 විතර වෙනකම් තියෙනවා syllabus එක cover කරනවට වඩා අපි ඒ ක්ලාස් එකේ කරන්න අමාරු තැන් ගැන discuss කරන එක. නවිතුයි මතීෂයි දැන් ඔය ඒ ක්ලාස් එකට තමයි ගියේ . උන් දෙන්නා ක්ලාස් එකට ගිහින් හවස අනිවාරෙන් එනවා කියලා තමයි ඔය ගියේ. නුගේගොඩ ඇවිත් අ**** පාරෙ ඇතුලට විනාඩි 5 ක් විතර දුරක් ඇතුලට ගියාම තමයි ඒ ගෙදර තියෙනවා කියලා අනුත් මට කිව්වේ. මල්ලි පාරෙන් ඉන්නම් කිව්වා නිසා අපි පාරෙන් ඇතුලට දාලා පොඩ්ඩක් අතුලට යනකොට පාරෙ අයිනට වෙන්න හිටගෙන හුරුපුරුදු රුවක් මගේ ඇස් වල ගැටුනා
Black cuben collar shirt එකකට white pant එකක් ඇදන් කර්ලි මෙසී කොන්ඩෙ අතින් හද හද හිටපු එයාව මට අදුනගන්න ගියෙ මිලි තප්පර බාගයයි. එයත් අපිව අදුනගෙන කට පුරා හිනාවක් දානකොට මං දැක්කෙ නෑ වගෙ අහක බලාගත්තා. මං බලාගෙන ඒ සුදු මූන බෙරි වෙනවා මොනා කරන්නද ඉතින් මාත් හිතකින් නෙවෙයි මෙහෙම කරන්නෙ.බයික් එක ගේට් එකෙන් ඇතුලට දානවත් එක්ක ඒ හිටියා කෙනා දැකලා අනුතුත් හෙල්මට් එකත් ඔලුවෙ තියන්ම මගේ දිහා බැලුවා පිටිපස්ස හැරිලා..
"අඩෝ ලකා මල්ලි උබ කොහෙද මෙහේ"
"අප්පටසිරි අනුත් අයියලා"
"තිශාක්‍ය උබ මේ ලක්ෂිතව දන්නවද"
"නැත්තන් මූ මගෙ බොක්කෙ ෆිට් එක විහංස අයියේ, ලකා උබ අයියලව දන්නෙ කොහොමද "
"ඇයි මං උබට කිව්වෙ උදේ ස්කූල් එකට ගියා කියලා "
"ආ ඔව් නේ විහංස අයියා එක්කද පැටලෙන්න ගියේ එතකොට අඩෝ"