Chapter 01

19 1 0
                                    

මතකනේ පුතා එහෙනම් ඔයාට,පරිස්සමට එන්න හරිද"

ඔය ඉන්නේ අපේ අම්මා එයා හිතන් ඉන්නේ මම තාම හයහතර දන්නැති පොඩි අැටයෙක් කියලා.

මගේ නම යුදෙව් සස්නද සේනාධීර. මං දැන් මේ යන්නේ මගේ අලුත් ඉස්කෝලෙට. එහෙදි තමා මට මගේ එකාව හම්බෙන්නේ.

"හරි හරි අම්මා"

"හරි හරි තමාහ්,කියනවා බලන්න කරන්න තියෙන ටික"

"අායිශ්.. ඉස්කෝලේ අැරුනම නාද්‍ය අයියත් එක්ක අැවිත් බස් එක බලලා හරි බස් එකේ නැගලා... ඊටපස්සේ footboard එකේ  යන්නැතුව ජනේල්වලින් බෙල්ල දාන්නැතුව ටිකට් කඩාගෙන බහින හෝල්ට් එකට කලින් හෝල්ට් එකට  කලින්  හෝල්ට් එකේ නැගිටලා  හෝල්ට් එකට අැවිත් බස් එක නවත්තනකං ඉදලා බහින්න... බැහැපු ගමන් පැල වෙන්නැතුව ගෙදර එන්න... අනේ ඔයත් එක්ක බැහ් අප්පා"

අනේ  අපේ අම්මට කියන්නකෝ මට මෙහෙම සලකන්න එපා කියලා

"ම්... හොද පුතා ඔය රස්තියාදුකාරයොත් එක්කනං යන්න එපා...

"හයියෝ.... "

කතාවෙන් කතාව අපි ඉස්කෝලේ ලගටම අාවා.

මාව පන්තියට භාර දීලා අම්මයි තාත්තයි යන්න ගියා

"මොකක්ද පුතාගේ  නම"

"යුදෙව් සස්නද සේනාධීර මෑම්"

මොකක් නැතත් මට ගැම්මේන් කියන්න පුළුවන් නමක් දාලා තීනවා

මේ ඉස්කෝලේ mix වුනාට ගෑණු ලමයි එහාපැත්තේ ඉස්කෝලේ  පිරිමි ලමයි මේ ඉස්කෝලේ.

එ් වුණත් එක එක වැඩ වලට  එයාලා මෙහාටත් එනවා

අපරාදේ කියන්න බැ ඉස්කෝලේ දෙකට බෙදලා තියෙන නිසා ගැම්ම  කරේ තියන් ඉන්න තියෙන්නේ

තාම දහය වසර පටන් ගත්ත මුල නිසාද මන්දා  ඔක්කොම විෂයන් තියා විෂයන් දෙකක්වත් ඉගැන්නුවේ නැහ්.

එ්ක නිසා මම මගේ අළුතින් පටන් ගත්ත පාඩමක් මගේ අළුත් යාළුවාගෙන් ඉල්ලන් ලියන්න පටන් ගත්තා.

අයාන් දේහිත දිසානායක  එයා තමා මේ පන්තියේ මාත් එක්ක මුලින්ම කතා කලේ. එයා තමයි  ගිය අවුරුදු වල මේ BATSH එකේ  section first . චිත්‍ර වලට මාරම වැඩ්ඩෙක්.

අායු|ᴜɴᴛɪʟ ᴛʜᴇ ᴇɴᴅ ᴏғ ʟɪғᴇ... ᴬʸᵘWhere stories live. Discover now