ජීවිතේ හරි බරයි.... නැවතීමක් නැති දිවිල්ලක් වගේ....
එතකොට මරණය ඒක නැවතීම නෙවෙයිද....
නෑ කොහෙත්ම නෑ.... මරණය කියන්නේ නැවතීමක් නෙවෙයි.. මරණය කියන්නේ අලුත් ම ආරම්භයක් විතරයි....
එහෙම නම් මං මෙහෙම කියන්නම්.... ජීවිතය නෙමෙයි සංසාරය නැවතීමක් නැති දිවිල්ලක් වගේ....
මං හිටියේ මුහුදු වෙරල ළඟ තිබුණ බංකුවක ඉඳගෙන.... මුහුදු සුළං දැන් වරුවක් විතර ඉඳන් මගෙත් එක්ක ඔට්ටු අල්ලනවා.... මහ මුහුද දිහා බලන් හිටපු මටත් දැන් ඕනි වුනේ මේ ජීවිතේට තිත තියලා අලුත් ම ආරම්භයක් ගන්න....
මේ ජීවිතේ මට හරි බරයි.... සැනසීමක් නෑ.... සතුටක් නෑ.... මොකද මට කාත් කවුරුවත් නෑ.... මං දන්නවා මං නෙමෙයි මේ ලෝකේ තනි වෙලා ඉන්න එකම මනුස්සයා.... ඒත් මගේ තනිකම වෙනයි.... මං අඳුන ගත්ත මට දැනෙන තනිකම අනික් අය හඳුන්වන සාමාන්‍ය තනිකමකට වඩා වෙනස්.... සමහර තැන්වලදී ඒක ටිකක් විතර වෙනස්....
මට පවුලක් තියෙනවා.... සම්පූර්ණ පවුලක්.... අම්මා..තාත්තා..මල්ලි..නෑදෑයෝ ඔය ඔක්කොම ඉන්න සම්පූර්ණ පවුලක් මට තියෙනවා.... යාළුවෝ ඉන්නවා.... එහෙනම් මොකටද කාත් කවුරුවත් නෑ කිව්වේ කියලා හිතෙනවා ඇති නේද....
ඒ හැමෝම මගේ වටේ හිටියත් මං ඇතුලතින් හිස් වෙලා.... තනිවෙලා.... ජීවිතේ කිසිම බලාපොරොත්තුවක් නෑ.... අරමුණක් නෑ.... කිසිම දේකට ආසාවක් නෑ....
එහෙනම් මහණ වෙන්න....
මට ඒක හිතුණා.... ඒත් මං ඒ තරම් පිංකාර නැතුව ඇති.... මහණ වෙන්න හිතෙන්න තරම් මං පිංකාර නෑ....
මගෙන් නොදැනීම ලොකු සුසුමක් පිට වුනා....
තේම් නිම්සර දහනායක....
YOU ARE READING
𝐁𝐋𝐈𝐍𝐃 | ✅
Short Storyලස්සන ම කාර්තුවල ජිවිතේට ලැබෙන සමහර දේවල්වලට වඩා දුෂ්කර කාර්තුවල ජිවිතේට අහම්බෙන් වුනත් ලැබෙන දේවල් නිසා නොසිතූ විදිහට ජිවිතේ වෙනස් වෙන්න පුළුවන්.. දන්නවද මගේ පැටියෝ.. මට මගේ ජිවිතේට ලැබුන වටිනම දේ මොකක්ද කියන්න..