තාත්තා....
මං ගෙදර යනකොට අඳුර වැටෙන්න පටන් අරගෙන.... ජිවිතේ නැති කර ගන්න කියලා හිතාන ගියාට පුංචි දේව දූතයෙක් ඇවිල්ලා මගේ හිතේ අමුතු සැනසීමක් පැළ කරලා ගියපු හින්දා මං කරන්න ගියපු දේ කරගන්න හම්බුනේ නැති කොට මං එයා ගියාටත් පස්සේ තව පැයක් විතර වෙරලේ ඉඳලා ගෙදර එන්න ආවා....
ගෙදරට පය තියද්දි ම ගේන් එළියට ආව තාත්තා මට වචනයක්වත් කියන්න නොදී මගේ කනෙක් අල්ලගෙන ඇඳගෙන ගියා.... එයාට මං ලියලා ගියපු ලියුම හම්බෙලා.... තාත්තට කවදාවත් නැතුව හොඳටම කේන්ති ගිහින් වෙනදට වඩා....
"ආ.. කියපන් මොකක්ද උඹ මේ ලියලා ගිහින් තියෙන්නේ..! අම්මට සමා වෙන්නලු..!! උඹට නිදහසක් දුන්නේ නෑලු.. ජිවිතේ බරයිලු.. ඈ බොල මී හරකෝ උඹට කොහෙන්ද තවම ජිවිතේ ගැන බරක් පතලක් තේරෙන්නේ.. උඹ අපිටත් හොරෙන් පවුල් පන්සල්වත් වුනාද.. ඈ යකෝ උඹට අපි නිදහසක් දුන් නෑද..!! උඹ ගේ අස්සේ ලැඟන් හිටියා කියලා අපි මොනව කරන්නද ආ.... අපි කිව්වද.. අපි කිව්වද.. උඹට එළියට යන්න එපා කියලා.. ආ..!!'
*චටාස්*
"ඇති ඇති අපේ මහත්තයා.. මයෙ කොල්ලට ගහන්න එපා.."
"උඹ පලයන් පැත්තට මැණිකේ.. මම අද මූව බාවනවා.. මුට මුට සහලෝලම පිස්සුවක් ගහලා.. ඈ යකෝ උඹට දැන් ඩොක්ට කෙනෙක් ගාවටද යන්න ඕනි.. උඹ හදන්නේ අපේ මූණේ දැලි ගාන්නද.. පිස්සෙක් ගේ ඇතුලේ දාන් ඉන්නව කියලා වටපිටේ මිනිස්සුන් ගෙන් අහ ගන්නද.."
"තාත්තේ තාත්තේ අයියට ගහන්න එපා තාත්තේ.. ආර්හ්..!!"
"ගීත් උඹත් පලයන් පැත්තකට හොඳ හිතින්.."
*චටාස්*
"කතා කරපන් ඉතින් උඹට දැන් මැරෙන්නද ඕනි ඈ.. යකෝ උඹට අපි මොන අඩුපාඩු කරාටද අපිට මෙහෙම කරන්නේ.. උඹ ගෙදර ලොකු එකා.. උඹ දැන ගන්න ඕනි මීට වඩා වගකීමෙන් වැඩ කරන්න.. මැරෙන්න.. මරුනම ඔක්කොම හරිද.. මෙහෙ අම්මා මැරෙන්න හදනවා.. උඹට අම්මා ගැනවත් හිතුනේ නැද්ද.. ඈ.. මැරෙන්න ගියා නම් ඇයි ආවේ-"
"අපේ මහත්තයා..!!!"
"නෑ මං කිව්වනේ මැණිකේ.. මේකට මැරෙන්න තරම්වත් හිතේ හයියක් නෑ.."
YOU ARE READING
𝐁𝐋𝐈𝐍𝐃 | ✅
Kısa Hikayeලස්සන ම කාර්තුවල ජිවිතේට ලැබෙන සමහර දේවල්වලට වඩා දුෂ්කර කාර්තුවල ජිවිතේට අහම්බෙන් වුනත් ලැබෙන දේවල් නිසා නොසිතූ විදිහට ජිවිතේ වෙනස් වෙන්න පුළුවන්.. දන්නවද මගේ පැටියෝ.. මට මගේ ජිවිතේට ලැබුන වටිනම දේ මොකක්ද කියන්න..