අයියා මට එයාගෙම කියලා නමක් දීලා ගොඩ දවසක් ගෙවිලා ගියා.... එයා ඒ හැම දවසකම දවල්ට විතරක් නෙමෙයි රෑටත් මාව බලන්න ආවා.... ඇවිල්ලා මුහුද ළඟ බංකුවට වෙලා ඉඳගෙන ගොඩාක් දේවල් කියෙව්වා.... අයියා මට එයාගේ හිතේ තියෙන ගොඩක් දේවල් ගැන කිව්වා.... එයා කිව්වා එහෙම කරන එකෙන් එයාගේ හිත නිදහස් වෙනවා වගේ දැනෙනවා කියලා.... සැහැල්ලුවක් දැනෙනවලු.... සැනසීමයිලු....
එයාගේ අසනීපෙට එයා බෙහෙත් බොනවලු.... දැන් මතක් කරලම තුන් වේලටම බොනවලු.... දැන් එයාට කලින්ට වඩා හොඳක් දැනෙනවලු.... ජීවිතේට බලාපොරොත්තුවක් තියේලු.... ඒත් එයාගේ අසනීපේ ගැන ගෙදර අය තාමත් දන්නේ නැතිලු.... එයාගේ බෙහෙතුත් හංගන්ලු බොන්නේ....
පව් එයා.... එයා ගැන එයාගේ පවුලේ අයට තේරුම් ගන්න බෑනේ.... එයාට ඕනි ආදරේ.... හැබැයි එයා කැමති නෑ එයාගේ ජීවිතේට අනවශ්‍ය විදිහට ඇඟිලි ගහනවට.... එයා ගොඩක් කැමති තනියම නිදහසේ ඉන්න.... මට මේ දවස් ටිකට තේරුම් ගිය ටික එයාලගේ පවුලේ අයට නොතේරෙන එකනේ ප්‍රශ්නෙට තියෙන්නේ.... සමහර විට එයාලටත් තේරෙනවා ඇති හැබැයි ඉතින් ආදරේ වැඩිකමට එයාලා නොදැනුවත්වම අයියගේ ජීවිතේට වැරැද්දක් කරන්නේ....
එයා මට කොච්චර අහිංසකයි.... හුරතලේ කිව්වට එයා දන්නෙත් නෑ එයා කොච්චර අහිංසකයිද සංවේදී ද කියලා.... සමහර වෙලාවට පොඩි දේටත් එයා හිත රිදව ගන්නවා.... ඒ වෙලාවට නම් එයා අයියෙක් නෙමෙයි අයියා බබෙක්....
අදත් මං මේ බංකුව උඩට වෙලා බලන් ඉන්නේ ඒ අයියා බබා එනකල් තමයි.... අද මාව කොහෙදෝ එක්කන් යනවා කියලා ලෑස්ති වෙලා ඉන්න කිව්වේ....
ආ මට කියන්න බැරි වුනානේ.... අයියා මට අලුත් ඇඳුම් ගොඩාරියක් ගෙනල්ලා දුන්නා.... අම්මේ ඒවගේ සුවඳ!
ඒවා ගොඩාක් ලස්සන ඇති.... මට පේන්නේ නෑනේ ඉතින්.... ඒත් අයියා කියනවා මං ගොඩක් ලස්සනයිලු.... එයා කියනව නම් මං ලස්සන ඇති නේද...."මගේ පැටියෝ..."
මටත් නොදැනීම මගේ මූණේ හිනාවක් ඇඳුනා.... එයා ඇවිල්ලා අනේ....
"හ්ම්"
"ගොඩක් වෙලාද මෙතෙන්ට ඇවිල්ලා.. මට ගෙදරින් පැන ගන්න වෙලා ගියානේ.. අම්මලාට හොරෙන්නේ ආවේ.."
YOU ARE READING
𝐁𝐋𝐈𝐍𝐃 | ✅
Historia Cortaලස්සන ම කාර්තුවල ජිවිතේට ලැබෙන සමහර දේවල්වලට වඩා දුෂ්කර කාර්තුවල ජිවිතේට අහම්බෙන් වුනත් ලැබෙන දේවල් නිසා නොසිතූ විදිහට ජිවිතේ වෙනස් වෙන්න පුළුවන්.. දන්නවද මගේ පැටියෝ.. මට මගේ ජිවිතේට ලැබුන වටිනම දේ මොකක්ද කියන්න..