අපෙ යාලුවො හැමොම එතන වෙනම කයියකට වැටෙද්දි මගෙ හිත හොය හොය පස්සෙන් දිව්වෙ දැන් ටිකකට කලින් මන් දිහා බලන් ඉදපු දුඹුරු පාට ඇස් ගාවට... ඉතින් මන් ඉදගෙන හිටපු තැනින් හිමිහිට නැගිටල ආවෙ අර මගෙ හිත හොල්ලපු ඇස් තිබ්බ දිහාවට.. මන් හිමිට වටපිට බල බල ඒ ඇස්වල අයිතිකාරය ඉදපු තැනටම ලන් උනා.. ඒ ලන් වෙද්දි තමා මන් එතන හරියටම දැක්කෙ... එතන බිම එයා ඉදන් ඉදපු තැන තිබ්බෙ සුදු පාට ටියුලිප් මලක් .... එයාගෙ කන පිටිපස්සෙත් තිබ්බෙ ටියුලිප් මලක් ... ඒ කියන්නෙ එයා ටියුලිප් මල් වලට ඒ තරම් ආසයිද...... නමක් ගමක් නොදන්න ඒ රුපේ ආස කරන එකම එක දෙයක් හරි හොයාගන්න පුලුවන් උන එක ගැන මට මාරම සතුටක් දැනුනා. ඒ මල අතෙ තියාගෙන මන් ගොඩක් දෙවල් කල්පනා කරා... ඒ රුපෙ ආයෙ අයේ මගෙ හිතේ හොල්මන් කරන්න ගත්තා..කවදවත් නැතුව මගෙ හිත ආදරෙ හෙව්වා . එ ඇස් හොයාගෙන යන්න කියල මගෙ හිත බල කරා.. ඒත් මම කොහෙන් කියල හොයන්නද.... ඒ කවුද කියන්නවත් මන් දන්නෙ නැති කොට....
මන් ඈත රැලි ගහල මුහුදයි ඒ මුහුදට වැටිලා තියෙන හද එලියයි දිහා අර සුදු පාට ටියුලිප් මලත් අතෙ අරන් ලොකු කල්පනාවකට වැටුනා.. ජිවිතෙ කවදවත් ආදරෙ ගැන හැගිමක් මගෙ හිතෙ දලු දායි කියල මන් හිතුවෙ නැ... ඒත් අද මෙ අහම්බෙන් මගෙ හිතෙ ඒ දලු දාපු හැගීම් තාවකාලිකයි..ඒ ඇස් මට ආයෙ කවදවත් මුණු නොගැහෙවි... එත් ඒ ඇස් අස්සෙ මන් දැක්ක අමුතු ලොකෙ.... මන් කොමද අමතක කරන්නෙ..
දිගින් දිගටම මන් මුහුද රැලි ගහන දිහා බලන් අර රුපේ ගැන හිතුවා. ඒත් එක පාරට මට දැනුනා කවුරු හරි ඇවිත් මගෙ අතෙ එල්ලෙනව..ඒකත් මගෙ පපුව ගානට විතර උස චුටි හුරුබුහිටි දෙයක්..
" සිතූ අයියේ හායී......"
" අයුනි නන්ග ඔය මොකද මෙහෙ කරන්නෙ.... අනික මේ රෑ කාත් එක්කද මෙහෙ ආවෙ. මොකක් හරි අවුලක්ද නන්ගා..."
" අයියො බය වෙන්න එපා අනෙ... මන් අවෙ අපෙ ෆැමිලි එකමත් එක්ක... අපි මේ අපෙ අයියගෙ ලවර් බලන්න ආවෙ අයියො... "
" ආහ් ඒකද මේ... ඉතින් කො දැන් ඔයාල එයව බලල ආවද..."
" ඔව් ගොඩක් වෙලා බලන් ඉදියා.... අපෙ අයියනම් ඉතින් ඇස් අහකට ගන්නෙ නැතුව බලන් හිටියා ඒත් මමනම් ඉදියෙ සින්දුවෙ සිහියෙන්....."
YOU ARE READING
" දුරම දුර..... " [ completed ]
Romance" මට ඔයාව දැක්ක පලවෙනි දවස මතක් උනා......." - > " නිල්දිය ගංදොළ ගාව වගේ කල්හාර මල් පාට නැතේ හමුවූවන් මතකයේ ඇඳේ...." ->