අමුතු සීතල සුවදක් ඇද වටෙ පාවෙන වෙලාවක හීනියට නලල හරියෙන් දැනුණු උණුසුම් හුස්මවල රස්නියත් එක්ක පරිස්සමට ඔලුව අතාගනව අඩනින්දෙන්ම මට දැනුනෙ හුගක් හිමිට.... හුගක්ම හිමිට ..... හරියට මගෙ නින්ද කැඩෙයි කියල බයෙ වගෙ...... ඒත් ඒ උණුහුම් මට නුහුරු හුරු කියන හැගීම් දෙකම ගෙනාවා කිව්වොත් විශ්වාස කරනවද..... ලාවට ඇරුණු ඇස් වලින් මට ඒ රුපෙ හරියට බාලාගන්න බැරි වෙන්න ඇති... ඒත් ඒ උණුහුමට තව ගුලිවෙන්න මන් ආසා කරන්න ඇති....ඒත් ඒ උණුහුමට බර වෙන ඇස් තව තව නිද්රාකාරයක් වගේ නින්දම ගෙනෙද්දි මන් කොමත් තවත් ඇස් අරින්නෙ. අමාරුවේන් ඇස් ඇරගන්න මන් උත්හස කරා ඒත් මට බැරි උනා..
ට්‍රිප් ගිහිල්ලා මහන්සි වෙලා නිදාගෙන ඉදපු මම හරිම පරිස්සමට ඇහැරුනේ උදෙන්ම මට ලැබුනු අමුතුම උණුහුමකින්.. ඒත් ඒ උනුහුම මගෙ ඇස් වලින් මට දකින්න බැරි උනා... පුරුදු සීතල සුවදක් නාස් පුඩු හරහ ගියාට මොකද එතන කිසිම මනුස්සයෙක්ගෙ චායාවක්වත් තිබුනෙ නැති තරම්...කාමරේ ජනෙල් වලින් ගලාගෙන ආපු ඉරඑලියත් එක්ක මුහු වෙච්ච හුලගට තව තව මන් ගුලිවෙන්න හැදුවත් තවත් ගුලිවෙලාම ඉන්න බැරි තැන ඉක්මනින් වොශ් එකක් දාගෙන පහලට ආවෙ දරාගන්න බැරි බඩගින්නක් ආපු නිසා..
" ලොකූ බඩගිනී ....... අප්පච්චී බඩගිනි....... පොඩී මට බඩගිනියො......"
ඊයෙ ගෙදර හැමොම එකට හම්බුනාට හරියට කතා කරගන්නවත් බැරි උන එකත් පිරිමහගන්න ආපු බඩගින්න නිසා මන් හයියෙන් කෑගහගෙන ආවෙ ගෙදර හැමොටම මන් ඇහැරිලා කියල දැනුවත් කරගෙනමයි..පල්ලට යද්දිත් කුස්සියෙ සද්දෙ හොදට ඇහෙනව.ඔව් එයාලා උයනව... නහය කාඩගෙන යන්න ආපු සුවදින් උයලනම් ඉවරයි කියල සිග්නල් එක දෙද්දි මන් පියාඹලා ගියේ කෑම මෙසෙට...ම්ම්ම්ම් මන් කිව්වෙ මෙ තියන්නෙ මගෙ කෑම පිගාන... මුලු කෑම මෙසෙම හරිම පිලිවෙකට කෑම වලින් පුරවල ඉතින් අප්පච්චි අයියා දෙන්නත් එකනල් ඉදපු මම එයාලා ඇවිත් වාඩි උනා විතරයි කෑම එක කන්න පටන් ගත්තා..( ඒත් පොඩි තාම පුටුවට පස්ස තියල නෑ වගෙ... කමක් නැ )
" චුටී ඔච්චර බඩගින්නෙද ලමයො ඉදියෙ..... හත් අවුරිද්දකින් කාල නැ වගෙ ......"
YOU ARE READING
" දුරම දුර..... " [ completed ]
Romansa" මට ඔයාව දැක්ක පලවෙනි දවස මතක් උනා......." - > " නිල්දිය ගංදොළ ගාව වගේ කල්හාර මල් පාට නැතේ හමුවූවන් මතකයේ ඇඳේ...." ->