08- Chapter 👑️❤️‍🔥

394 71 188
                                    

එක තැනකට වෙලා ඉන්නේ නැතුව කොහෙද ගියේ "

ටෝන් එක නම් හොද නෑ අක්කගේ කේන්තිය ලොඩිං වගේ ......

තේමි ඇස් යටින් බලලා රෝද සපත්තු දෙකත් පොලොවේ ගහලා තෙනුල්‍යාගේ අතේ එල්ලුනේ දුක කියන්න ලෑස්ති පිට.......

මොනා උනත් විපතක්නේ එන අතර මගදි සිද්ධ වුනේ

කොල්ලා පාව්ව්ව්

"බලම්නකෝ අනේ පැටියව වැට්ටුවා මෙව්වා "

"ඇහ් තුවාලද ? "

තේමිට නම් පෙනුන්නෑ හැබැයි සන්ග්ලාස් වලට වැහිලා තියෙන හීනි දිගැටි ඕවර් ප්‍රොටෙක්ටිව් ඇස් දෙක කලබලෙන් කොල්ලගේ උඩ ඉදන් යටටම දිව්වේ කොල්ලට හීරිල්ලක් හරි වෙලා තියෙනවද කියලා බලා ගන්න

"වැටුන්නැහ් අනේ ඒ වුනාට මහ නරකයි මටෝන්නෑ මෙව්වා "

තෙනුල්‍යාට ලාවට දවසේ කී වෙනිදෝ වතාවටත් හිනාවක් ගියාට මොකද දාලා තියෙන මාස්ක් එකයි සන්ග්ලාස් දෙකයි නිසා ඒක තේමිට පෙනුන්නෑ

කෙල්ලට උනේ අද දවසෙම මේකා එක්ක ඉදලා වැඩ ටිකත් පාඩු කරන් හිනා වෙවී ඉන්න කොච්චර ගල් හිතක් තියෙනවා කියලා මවා පාන්න හැදුවත් එයාට ඉන්න එකම වස්තුව මේකානේ මොක උනත්

"දැන් මොකක්ද කරන්න ඕන "

"සෙල්ලම් කරා ඇති බඩගිනියි වගේ ජුන්ඩියමක් "

"මොන යමක් කිව්වා "

තමන්ට වඩා අවුරුදු දහතුනක්ම වයසින් බාල මේ පොඩි හාදයගේ සමහර දිව පැටලැවෙන වචන එයාට තේරුම් ගන්න බෑ ....... බෑ කියන්නේ මෙහෙමයි එව්වා කුනුහරුප වගේනේ ඉතින් කොහේ තේරුම් ගන්නද

එව්වා තේරුම් ගන්නවාට වඩා ලේසියි ග්‍රීක් බාශාවෙන් ජ්‍යාමිතිය ඉගෙන ගන්න එක

"ජුන්ඩියමක් අනේ ජුන්ඩියමක් "

"මම දන්නේ ඇති ජුන්ඩමක් නෑ එනවා යන්න "

තේමිව හොයන්න ගිහින් හිටිය ජෙරම් ආපහු ආව සැනෙන්ම කෙල්ල පොඩි කොල්ලවත් ඇදගෙන යන්න ගියේ එයා ඩිනර් එක ගන්න හිතාගෙන හිටිය රෙස්ටූරන්ට් එකට

You've reached the end of published parts.

⏰ Last updated: a day ago ⏰

Add this story to your Library to get notified about new parts!

ᴜɴᴅᴇʀ ᴛʜᴇ ɪɴꜰʟᴜᴇɴᴄᴇ (පළිඟු හදවත S2 - Non-Fic)🩸👑️ ˢˡᵒʷ ᵘᵖᵈᵃᵗᵉ Where stories live. Discover now