Author Pov :
මුලින්ම කියන්න ඕනි, මේ මෙහෙම catagary එකකට අදාළව මගේ අතින් ලියැවෙන මුල්ම මුල් කතාව. මතක ඇති කාලෙ ඉඳන් ලිවිල්ලත් එක්ක සහ, පොත් කියැවිල්ලත් එක්ක මට තිබ්බ මහා පරිමාණ ගනුදෙනුව නිසා මම වැඩියෙන්ම කරලා තියෙන්නෙත් මේ වෙද්දි ලියන එකමද මන්දා.. කරපු රස්සා වුණෙත් ලියන එකම සම්බන්ධ ඒවා..
හැබැයි අර කලින් කිව්වත් වගේ මේ catagary එකට, ඒ කියන්නේ same gender love stories වලට, BL love story එකකට පෑන තියන්න හදන මුල්ම වතාව.. ඒ විතරක් නෙවෙයි wattpad එකෙනුත් ලියන මුල්ම වතාව.. ඉතිං මං හිතනවා දිගටම ලියාගෙන යන්න වගේම ඔයාලට කියවගෙන යන්නත් ආස හිතෙන විදියට මේ කතාව සාර්ථක වෙයි කියලා..
මේක fictional කියන්නත් බෑ.. එහෙම නෑ කියන්නත් බෑ.. ඒත් මං ඔයාලට මේ ගැන පුංචි ඉඟියක් විතරක් ඉතුරු කරන්නම්. "නොදන්න කතා මවනවට වැඩිය මම කැමති දන්න කතා ලස්සනට එළිකරන්න. හැංගිලා මියැදිලා යන කතා අකුරු කරලා කොහේහරි තැම්පත් කරන්න. ඉතිං මේ එහෙම කතාවක්"
හොඳ නරක Comment කරගෙන යන්න කියලා ආදරෙන් මතක් කරන්නෙත් ඉතිං මේ හැමදේම නිසාමයි..!
ස්තුතියි...!
-මැන්ඩි-
_______________________________
ESTÁS LEYENDO
Blood Red Kisses | රක්ත වර්ණිත හාදු❣️
Romanceදුකටත් සැපටත් දෙකටම එකවගේ ආව ගිය මුහුදු වැල්ලේ සුපුරුදු කොණට වෙලා, වැස්සට තෙමිලා තෙමිලා තෙතබරියන් වෙච්චි, ඒත් යන්තන් අව්වෙ තියලා වේලගත්තු රැළිගැහුණු ඇක්සයිස් පොතේ අන්තිමම පිටුවෙ මම කවියක් ලිව්වා. නැවතීමේ තිත වෙනුවට අවසාන අකුර උඩට වැටුණු මහා විසාල කඳ...