"සාලිය අයියා ගැන විතරක් කිව්වෙ, එතකොට භාතිය අයියා ඇවිත් නැතුවද.."
මම ඔළුව කස කසා දත් බුරුසුව කටේ ඔබාගත්තා. දැන් ඉතිං මං එනකන් එරන්දත් මෙතැනින් හෙළවෙන්නැති එකේ ඔන්නොහේ ඌට ඉස්තෝප්පුවෙන් ඉන්න කියලා මම ඇවිත් මූණ කට සෝදගෙන ඇඳුමක් දාගත්තා.. ඇඳුමක් කිව්වට කලු පාට කොට රෙදි ශෝටයි, කලු පාටින්ම අත් කපපු බැනියමයි.. මුහුදට, මාදැලට යනවා කියන්නෙ ආයෙ තෙමෙනවා කියන එක. එහෙව් එකේ මොකටද ඔයිටත් වඩා පිළිවෙළ ඇඳුමක්. අනික මේ ජානු මොකක් ඇන්දත් ලස්සනයි.
"ආහ්.. මනමාලි ලෑස්ති වෙලා ඉවරද.. වරෙන් දැන්වත් යන්න. අරහෙ දැල ගොඩවෙලාද දන්නෙත් නෑ. අද තාත්තත් මාදැලේ නෑ"
"ඇයි රංජි මාමා කොහෙ ගිහින්?"
"තාත්තගෙ කොන්දෙ කැක්කුමක් අල්ලලා ආන් අහරෙ නිදි.. ඉතිං අද මං ආවෙ"
"ඒ කියන්නෙ තාත්තා ගෙදර ඉඳලා ලොකු තාත්තවනෙ මේ දැලට එවලා තියෙන්නෙ.."
"අනේ පලයන් උඹ.. මොකද කියන්නෙ, වාඩිය ළඟට රේස් එකක් දුවමුද.."
"දුවමු.. වරෙන්.."
මං එහෙම කියාගෙන ඒ වෙද්දි දුවන්න පටන් අරගෙනත් ඉවරයි. එරන්දයත් මගෙ පිටිපස්සෙ පන්නනවා. වැල්ලෙ දුවනවා කියන එක පාරක දුවනවට වඩා සෑහෙන වෙහෙසයි, අමාරුයි.. හැබැයි ඉතිං මේ වැල්ලත් එක්ක හැදිච්ච කකුල්වලටනම් ඒකෙ ඒ හැටි ගානක් කොහෙත්ම නෑ.."හාපෝ... හයියෙන් වරෙන්කො. ළඳ වගේනෙ එන්නෙ.."
මම දිවීම බාල කරලා දුවන ගමන්ම පිටිපස්සෙ හැරිලා එරන්දට කෑ ගැහුවා.. ඌ අතින් මොකක්දෝ කියන්න ගියත් එක්කම මට දැනුණේ මාව කාගෙහරි ඇඟේ හැප්පීගෙන බිමට ඇදන් වැටෙනවා විතරයි.. ඔලුව උස්සලා බලන පමාවට මම හිටියෙ ගිණිගන්න ඇස් දෙකකින් මං දිහා රවලා බලාගෙන තවමත් බිම වැටිලා ඉන්න කොල්ලෙක්ගෙ ඇඟ උඩ.. ඒ ඇස් බැල්මට මට මේ මහ දවල් තරුත් නොපෙනුණාම නෙවෙයි.
أنت تقرأ
Blood Red Kisses | රක්ත වර්ණිත හාදු❣️
عاطفيةදුකටත් සැපටත් දෙකටම එකවගේ ආව ගිය මුහුදු වැල්ලේ සුපුරුදු කොණට වෙලා, වැස්සට තෙමිලා තෙමිලා තෙතබරියන් වෙච්චි, ඒත් යන්තන් අව්වෙ තියලා වේලගත්තු රැළිගැහුණු ඇක්සයිස් පොතේ අන්තිමම පිටුවෙ මම කවියක් ලිව්වා. නැවතීමේ තිත වෙනුවට අවසාන අකුර උඩට වැටුණු මහා විසාල කඳ...